“හිරු”ට එරෙහි පොලිස් ක්‍රියා ක්‍රියාමාර්ගය ගැන ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ විරෝධය

ඇඹිලිපිටිය ගංජා පැල වැටලූ පොලිස් නිලධාරියාට ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් හිරු මාධ්‍ය ජාලයේ පසුගියදා පළ වූ පුවතට අදාලව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට තිබෙන ව්‍යවස්ථානුකූල හිමිකම ශ්‍රී ලංකා පොලීසිය ගත් ක්‍රියාමාර්ග වලින් උල්ලංඝනය වීම පිළිබඳව තම සංගමය දැඩි විරෝධය හා කනස්සල්ල පළ කරන බව ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය නිවේදනයක් මඟින් පවසා සිටියි.ඒ පිළිබඳව විකාශය වූ පුවතට අදාලව එහි අන්තර්ගතයේ කොටස් ප්‍රතික්ෂේප කරමින් පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට (TRC) පැමිණිලි කිරීම මගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ආ) වගන්තිය යටතේ සහතික කර ඇති අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් එය මාධ්‍ය නිදහසට හා මහජනයාගේ තොරතුරු දැනගැනීමේ අයිතියට දැඩි තර්ජනයක් බවත් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය තවදුරටත් අවධාරණය කර සිටියි.මේ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සභාපති අසංග ජයසූරියගේ අත්සනින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත යවා ඇති ලිපියක් මගින් මෙම ක්‍රියාවන්ට එරෙහිව පෙනී සිටින ලෙසත් මාධ්‍ය නිදහස සුරැකීමට සාමූහිකව එක්වන ලෙසත් ඉල්ලීමක් කර තිබේ.\

කාලීන පුවත්