හෙට(06) සහ අනිද්දා වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරනුයේ දිවයිනේ ඊසාන දිශාවෙන් බෙංගාල බොක්ක ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක් දක්නට ලැබෙන මුත් අගෝස්තු 08 න් පසුව වැසි තත්වය අඩු වන බවකි.