දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගය යථාවත් කිරීමෙන් පසු (24) සිට උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් ධාවනයට විවෘත කරන බව ශ්රි ලංකා දුම්රිය දොපර්තුමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව හෙට සිට උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා “යාල්දේවී” දුම්රිය ධාවනයට සැලසුම් කර ඇත