මේ වන විට මහජන ගෞරවය සඳහා කොළඹ 07 ජාතික චිත්රපට සංස්ථා තරංගනී ශාලාවේ තැනපත් කොට ඇති හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය හෙට (26) පෙරවරුවේ මහජන ගෞරවය සඳහා කොළඹ නිදහස් චතුරස්රයේ තැනපත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්රයේදී සිදුකිරීමට නියමිත ය.ඒ අතර ඇයට අවසන් ගෞරව දැක්වීම පිණිස සමාජයේ විවිධ තරාතිඅරම් වලට අයත් විශාල පිරිසක් මේ වන විටත් පැමිණෙමින් හිඳින අතර ඒ සඳහා අගනුවරට පැමිණෙන ජනතාව වෙනුවෙන් මූලික පහසුකම් සැපයීමේ වැඩ පිළිවෙලක් ද සංවිධානය කොට ඇති බව පැවසෙයි.