ලබන 21 වැනිදා නුගේගොඩ දී පැවැත්වීමට සැලසුම් කර ඇති ‘මහජන හඬ’ රැළිය සඳහා නුගේගොඩ රැලිය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ පවතින බිය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවීමේ අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.විශේෂයෙන් කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණය භාවිත කරමින් ඊට එක් වන දේශපාලන නායකයන්ගේ රූප සහ හඬ යොදාගෙන රැලිය අවලංගු කළ බවට ව්‍යාජ පුවත් නිර්මාණය වීමට ඉඩ ඇති බැවින් ජනතාව ඊට නොරැවටිය යුතු බව ද ඔහු ඉල්ලා සිටියි.ඔහු අවධාරණය කරන්නේ වැඩිම ප්‍රචාරයක් ලබා දී ඇත්තේ ද ආණ්ඩුව විසින්ම බවයි නමුත් මහා වැසි හෝ සුළං ඇති වුවද, ආණ්ඩුව විසින් තහනම් නියෝග හෝ ඇඳිරි නීතිය පැනවුව ද සැලසුම් කළ පරිදිම 21 වැනිදා සවස නුගේගොඩදී මෙම ජන රැලිය පවත්වන බව උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් තහවුරු කරයි. එය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ විපක්ෂයේ රැලියක් වෙනුවෙන් පාලක පක්ෂයක් විසින් ලබාදුන් ඉහළම ප්‍රචාරය ලෙස ඉතිහාසයට එක්වන බව ද පවසන උදය ගම්මන්පිල මහතා මෙම රැලියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක් මෙන්ම බහුජන සංවිධාන ගණනාවක් ද එක්වීමට නියමිත බවත්, විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් සාමාන්‍ය ජනතාව අතර හිඳිමින් ඊට සහයෝගය දැක්වීමට තීරණය කර ඇති බවත් පවසයි.