ප්‍රවීණ වේදිකා,ටෙලි නාට්‍ය හා සිනමා නළු රංජිත් ද සිල්වා මහතා අතුරුදන් වී ඇති බව පවුලේ ඥාතීහු පවසති. අසනීප තත්වයෙන් පසුවන අතරේ ඉකුත් 19 වන දා සවස 6.00ට පමණ ඔහු අතුරුදන් වී ඇති බව ද ඔව්හු පවසති.රංජිත් ද සිල්වා මහතා අවසන් වරට දැක ඇති බව සදහන් වනුයේ කැලණිය ටයර් හංදිය ප්‍රදේශයේ දීය.එම අවස්ථාවේ ඔහු නිල් ඩෙනිම් කලිසමක් සහ සුදු ෂර්ට් එකක් ඇද සිටි බව පැවසෙයි.ඔහු සම්බන්ධයෙන් තොරතුරක් ඇතොත් පහත දුරකථන අංකයට හෝ සමීපතම පොලීසියට දන්වන්න ලෙස පවුලේ ඥාතීහු කාරුණිකව ඉල්ලා සිටිති.071 654 3296 / 076 739 6901