රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින් වහන්සේලා සිය අප්‍රසාදය පළ කොට ඇති අතර මෙම ප්‍රතිසංස්කරණ මඟින් රට නිරාගමික රාජ්‍යයක් කරා ගෙන යාමේ අවදානමක් පවතින බව අස්ගිරි පාර්ශවයේ මහානායක, අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ධම්මරතන මහානායක හිමිපාණන් වහන්සේ පවසති.’මේ හදන්නේ නිරාගමික රටක් හදන්නයි. මේ රට කනවා. මේවට ඉඩ දෙන්න හොඳ නෑ. අපි දැක්කෙත් නෑ. අපි දන්නෙත් නෑ”යනුවෙන් උන්වහන්සේ දැඩිව අවධාරණය කරන ලද්දේ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු ගිහි පැවිදි පිරිසක් අස්ගිරි සහ මල්වතු මහා විහාරීය මහානායක ස්වාමින් වහන්සේලා බැහැ දැක මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අන්තර්ගතය පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කිරීමට කටයුතු කළ අවස්ථාවේ දී ය.එහි දී අස්ගිරි පාර්ශවයේ මහානාහිමිපාණන් වැඩි දුරටත් සඳහන් කළේ මෙවැනි බරපතළ සංශෝධන සිදු කිරීමේදී මහානායක හිමිවරුන් සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවකි.
අනතුරුව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මල්වතු මහා විහාරයට වැඩම කර මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ දැනුවත් කළ අතර එහිදී අති පූජ්‍ය මල්වතු මහානායක හිමියන් පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සියලුම නිකායන්හි මහනායක හිමිවරුන් දැනුවත් කළ යුතු බව ය.මේ සම්බන්ධයෙන් මහ නාහිමිවරුන් සිව් දෙනාගේම අත්සන් ලිපියක් නිකුත් කරන බව ද උන්වහන්සේ මෙහි දී සඳහන් කළහ.
.
.