6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ සම ලිංගික තොරතුරට අදාලව හරිනි ඉල්ලා අස්විය යුතුයි

6 ශ්‍රේණියේ නව ඉංග්‍රීසි මොඩියුලයේ සම ලිංගික සහකරුවකු සොයාගත හැකි වෙබ් ලිපිනයක් සඳහන් වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරියෙකුගේ ඉල්ලා අස්වීමට වඩා අමාත්‍යාංශය භාර අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ඉල්ලා අස්විය යුතු බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන අයතනයේ ප්‍රධානියා ඉල්ලා අස්වී ඇති බවත්, කමිටුවේ ප්‍රධානියා පත්කර ඇත්තේ අගමැතිනිය බවත්, අමාත්‍යාංශය භාරව සිටින්නේ ද අගමැති හරිනි අමරසූරිය මෙනවිය බැවින් ඉල්ලා අස්විය යුත්තේ අගමැතිනිය බවත් සඳහන් කළ මන්ත්‍රී වරයා කිසි සේත්ම මෙම පොත පිටස්තරයෙකුට මුද්‍රණය කළ නොහැකි බවත් පැවසීය.එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම විහිළුවක් බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසීය.

කාලීන පුවත්