6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ මතුවූ ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස දෙමාපියන්ගෙන් සහ දරුවන්ගෙන් ඉල්ලා සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා ය.එම වරද හඳුනාගත් වහාම එය බෙදා හැරීම අත්හිටුවීමට පියවර ගත් බැවින් එම මොඩියුලය සිසුන් අතට පත් නොවූ බවත් පැවසූ අග්‍රාමාත්‍ය වරිය 6 ශ්‍රේණියේ දරුවන් සඳහා වන ඉංග්‍රීසි පෙළපොත එළඹෙන ජනවාරි 21 වන දිනත්, පළමු වසරේ දරුවන් සඳහා වන ඉංග්‍රීසි පෙළපොත ජනවාරි 29 වන දිනත් ලබා දීමට නියමිත බව ද ප්‍රකාශ කළා ය. එමෙන්ම ඒ සම්බන්ධ අදාළ දෝෂය නිවැරදි කර ගත් වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය එම විමර්ශන වාර්තා ලැබුණු වහාම වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද අවධාරණය කළාය.