මහනුවර ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා ගැනීම සඳහා මේ මස 7 වැනිදා පැවැත්වීමට නියමිත නිලවරණයට අපේක්ෂකයෝ හත් දෙනෙක් ඉදිරිපත්ව සිටිති.හිටපු දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල, මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ, මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස්.බණ්ඩාරනායක, ගාමිණී කළුහැන්දිවෙල, නන්ද මඩුගල්ල, මහාචාර්ය තිලක් සුබසිංහ සහ රොෂාන් ප්රියදර්ශන පස්සරමුදලිගේ මහත්වරු මේ නිලවරණයට තරග වදිති.