වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුවියක් පසුගිය දාක සියදිවි නසාගෙන තියෙනවා. හේතුව එහි ගුරුවරයෙකු අනෙක් සිසුවියන් ඉදිරියේ ඇයව ලැජ්ජාවට පත්වන ආකාරයට. බැණ වැදීමලු. මීට සති කීපයකට ඉහතදී නවක වදයට ලක් වූ බව කියන සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවකු ද මෙලෙස සියදිවි නසා ගත්තා. ඒ වගේම ඊට පසුව කොළඹ පාසලක දැරියක් ද උඩුමහලකින් පැන සිය දිවි නසා ගත්තා.ඒකට හේතුව ටියුෂන් පන්තියකදී ගුරුවරයෙකු විසින් ඇයව අපහාසයකට පත්කිරීම බවයි කියවෙන්නේ.මේ ඛේදනීය සිදුවීම් එකි`නෙක හුදකලා සිද්ධීන් වශයෙන් සළකනවාට වඩා පොදු ආකෘතියක් ලෙස හඳුනා ගැනීම සමාජයේ යහපතට හේතු වන බවයි අප ගේ වැටහීම.
මේ ගැන විමර්ශනය කරන අය අවසානයේ පවසන්නේ මානසික අවපීඩනය නැතහොත් විශාදය හේතුවෙන් මේ අය සිය දිවි නසා ගන්නා බවයි.සියදිවි නසා ගන්නා අය අවසානයේදී සිය දිවි නසා ගන්නේ මානසික අවපීඩනය නිසා බවට සැකයක් නැහැ.නමුත් එය මනස තුළින් අභ්‍යන්තරව ඇතිවූ රෝගී තත්ත්වයක් නොව බාහිර හේතුවක් මගින් ඇති කළ තත්ත්වයක් නම් ඒ තත්වය ඇති කළ පුද්ගලයන්ට දඬුවමක් තිබිය යුතු නොවේද ?
මරණ පරීක්ෂණවලදී මෙවන් මරණ වලට හේතුව ලෙස බොහෝ විට සඳහන් වන්නේ සිය දිවි නසා ගැනීමයි. එවිට ඒ සඳහා වගකිය යුතු එකම පුද්ගලයා බවට පත්වන්නේ මියගිය පුද්ගලයා වන බැවින් වෙනත් කිසිවෙකුට එහි වගකීම පැවරෙන්නේ නැහැ. මේ ගැන විමර්ශනය කරන අය අවසානයේ පවසන්නේ මානසික අවපීඩනය නැතහොත් විශාදය හේතුවෙන් මේ අය සිය දිවි නසා ගන්නා බවයි.සියදිවි නසා ගන්නා අය අවසානයේදී සිය දිවි නසා ගන්නේ මානසික අවපීඩනය නිසා බවට සැකයක් නැහැ.නමුත් එය මනස තුළින් අභ්‍යන්තරව ඇතිවූ රෝගී තත්ත්වයක් නොව බාහිර හේතුවක් මගින් ඇති කළ තත්ත්වයක් නම් ඒ තත්වය ඇති කළ පුද්ගලයන්ට දඬුවමක් තිබිය යුතු නොවේද ?
පෙම් සබඳතා කඩවීම වැනි පෞද්ගලික හේතුන් මත සිදුවන සිය දිවි නසා ගැනීම් සඳහා නොව නවක වදය, පිරිසක් ඉදිරියේ ලජ්ජාවට පත් කිරීම වැනි අවස්ථාවන්වලදී ඇති වෙන තදබල මානසික අසමතුලිතතාවය හේතුවෙන් සිදු කරගන්නා ජීවිත හානි සඳහා (Social influenced suicides) එයට අනුබල දුන්න පුද්ගලයන්ට එරෙහිව දණ්ඩ නීතිසංග්රහයේ 299 වගන්තිය යටතේ කටයුතු කළ හැකි වනවා. එම වගන්තියේ දැක්වෙන්නේ ” යම් තැනැත්තෙකු සිය පණ හානි කර ගනු ලැබුවහොත්,එකී සිය පණ හානිකර ගැනීමේ ක්‍රියාවට අනුබල දෙන තැනැත්තකුට මරණ දඬුවමින් දඬුවම් කල යුතුය”ලෙසයි. මේ අනුව සියදිවි නසා ගත් පුද්ගලයා ඒ තත්ත්වයට පත්කිරීමට හේතු වූ කරුණු මත යම් කිසි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් එයට දායක වී තිබේ නම් සියදිවි හානි කර ගැනීම සඳහා අනුමිත පෙළඹවීමක් ( Constructive abets )සිදුකළ බව ඔප්පු කිරීමෙන් ඔවුන්ටද මරණ දඬුවමින් දඬුවම් කළ හැකි බව පැහැදිලියි.මෙහිදී “අනුබලදීම” යන්න දණ්ඩ නීති සංග්‍රහයේ 100 සහ 101 වගන්තිවල පැහැදිලිව දක්වා තිබෙනවා.
දණ්ඩ නීති සංග්‍රහයේ 100 වගන්තියට අනුව “යම් දෙයක් කිරීමට යම් කෙනෙකු පොළඹ වන්නෙක් ” අදහස් වන බව දක්වා තිබීම විශේෂත්වයක්
එසේම අනුබල දීම යන වරද සංයුක්ත වීම සඳහා පොළඹවනු ලැබූ වරද කර අවසන් කිරීම අවශ්‍ය නොවන බව 101 වගන්තියේ නිදර්ශනවල සඳහන්. ඒ අනුව “ඩී”නම් පුද්ගලයෙක් මැරීමට ‘ඒ” විසින් “බී”පොළඹවනු ලැබ, “බී” විසින් “ඩී ” ට පිහියෙන් අනින ලද නමුත් ඔහු තුවාල ලබා මරණයෙන් බේරෙනවා නමුත් මෙහිදී ” ඒ” මිනීමැරීම සඳහා අනුබල දීමේ වරදට වරදකරුවන බව දක්වා තිබෙනවා. මේ අනුව නවක වදයට ලක්ව හෝ පිරිසක් ඉදිරියේ ලජ්ජාවට පත්කිරීම වැනි හේතූන් මත යම් තැනැත්තකු සියදිවි නසා ගැනීමට තැත් කිරීම වුවත් 299 වගන්තිය යටතේ චෝදනා එල්ල කළ හැකි වරදක් බව පැහැදිලියි.
මෙම මරණ සම්බන්ධව සිදු කරන විමර්ශන වල දී එවන් කරුණු හරිහැටි අනාවරණය වුවහොත් දණ්ඩ නීති සංග්‍රහයේ 299 වගන්තිය යටතේ නඩු පැවරීම සඳහා නීතිපති උපදෙස් ලබාගත යුතුයි. එමගින් අදාළ පුද්ගලයන්ට නිසි දඬුවම් ලබා දුන හොත් අනාගතයේ මෙවන් අවාසනාවන්ත සිය දිවි නසා ගැනීම් වළක්වා ගැනීමේ හැකියාව පවතිනවා.
එසේම 101 වගන්තියට අනුව වරදක් සඳහා අනුබලදීමකට අනුබලදීම ද වරදක් ලෙස දක්වා තිබෙනවා. ඒ අනුව සෘජුවම නවක වදය ලබා දෙන පුද්ගලයන්ට පමණක් නොව ඒ සඳහා අනුබල දෙන පුද්ගලයන්ද උදාහරණයක් ලෙස 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත මගින් නවක වදය වැළැක්වීම සඳහා පනවා ඇති නීති ප්‍රතිපාදන ක්‍රියාත්මක නොකර සිටින විශ්ව විද්‍යාල පරිපාලනයට පවා මේ යටතේ චෝදනා එල්ල කිරීමේ හැකියාවක් පවතින බව විශේෂයෙන් කිව යුතුයි.
මෙම මරණ සම්බන්ධව සිදු කරන විමර්ශන වල දී එවන් කරුණු හරිහැටි අනාවරණය වුවහොත් දණ්ඩ නීති සංග්‍රහයේ 299 වගන්තිය යටතේ නඩු පැවරීම සඳහා නීතිපති උපදෙස් ලබාගත යුතුයි. එමගින් අදාළ පුද්ගලයන්ට නිසි දඬුවම් ලබා දුන හොත් අනාගතයේ මෙවන් අවාසනාවන්ත සිය දිවි නසා ගැනීම් වළක්වා ගැනීමේ හැකියාව පවතිනවා.
වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ