ශ්‍රී ලංකාව තුළ මේ දිනවල චිකුන්ගුන්යා සහ ඩෙංගු උණ ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. මේ රෝග දෙක වැළඳුණු රෝගීන් සැලකිය යුතු සංඛ්‍යාවක් දෛනිකව ප්‍රතිකාර සඳහා රෝහල් ගත වන බව ජනමාධ්‍ය ඔස්සේ අසන්නට ලැබෙන අතර නිවර්තන දේශගුණය තුළ ඒඩීස් ඊජිප්ටි (Aedes aegypti) සහ ඒඩීස් ඇල්බොපික්ටස් (Aedes albopictus) යන රෝග වාහක මදුරු වර්ග ඔස්සේ මෙය ව්‍යාප්ත වී යයි. මෝසම් වර්ෂාමය තත්ත්වය සහ ගං වතුර හේතුවෙන් මේවායේ ව්‍යාප්තිය වැඩි වී තිබෙන බව ද පෙනෙන්නට තිබේ. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සත්‍ය මෙන්ම අසත්‍ය කාරණා ද සමාජ ගත වනු පෙනෙන්නට ඇති බැවින් මේවා තෝරා බේරා ගැනීමට අප කල්පනාකාරී විය යුතුය.

චිකුන්ගුන්යා රෝගය ව්‍යාප්ත වන්නේ ද ඩෙංගු සඳහා වගකිව යුතු ඒඩිස් මදුරුවන් ඔස්සේය. ගෝලීය වශයෙන් මේ රෝගය බහුල වශයෙන් ව්‍යාප්තව පවතින කලාප දෙක වන්නේ ආසියාව සහ අප්‍රිකාව වන අතර 2025 වසරේ දී මෙහි සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කොට තිබේ. ශ්‍රී ලංකාව තුළ කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක සහ තදාසන්න ප්‍රදේශවලින් මෙය බහුල ලෙස වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලැබෙන දත්තවලට අනුව 2025 අප්‍රේල් මාසය වන විට චිකුන්ගුන්යා යැයි සැකසහිත සිදුවීම් 190 ක් වාර්තා වී තිබෙන අතර එයින් 65 දෙනෙකුට මේ රෝගය පැවති බව රසායානාගාර පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. එමෙන්ම මේ වන විට මරණ 12ක් වාර්තා වී තිබේ. සමස්තයක් ලෙස ගත හොත් චිකුන්ගුන්යාවල මර්ත්‍යතා අනුපාතය රෝගීන් 1000 කට 1 ක් ලෙස සාපේක්ෂව ඉතා අඩු අනුපාතයක් ගන්නා බව ද සෞඛ්‍ය බලධාරීහු පවසති.

චිකුන්ගුන්යා රෝගය ව්‍යාප්ත වන්නේ ද ඩෙංගු සඳහා වගකිව යුතු ඒඩිස් මදුරුවන් ඔස්සේය. ගෝලීය වශයෙන් මේ රෝගය බහුල වශයෙන් ව්‍යාප්තව පවතින කලාප දෙක වන්නේ ආසියාව සහ අප්‍රිකාව වන අතර 2025 වසරේ දී මෙහි සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කොට තිබේ. ශ්‍රී ලංකාව තුළ කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක සහ තදාසන්න ප්‍රදේශවලින් මෙය බහුල ලෙස වාර්තා වේ.

ක්ෂණිකව ඇති වන අධික උණ, සන්ධිවල ඇති වන දරුණු වේදනාව (බොහෝ විට සන්ධි දුර්වල වෙයි), මස්පිඩු වේදනාව, හිසරදය, දද ඇතිවීම, තෙහෙට්ටුව සහ සහ ඔක්කාරය මෙහි රෝග ලක්ෂණ ලෙස හඳුනා ගත හැකිය. මදුරු දෂ්ටනයෙන් දින 2 – 7 ක් ඇතුළත මේ රෝග ලක්ෂණ මතු වෙයි. බොහෝ දෙනෙකු සතියකින් හෝ දෙකකින් පූර්ණ සුවය ලබන නමුත් ඇතැම් අවස්ථාවල දී සන්ධි වේදනාව මාස ගණනක් වුව පැවතිය හැකිය.
මෑතකදී මේ රෝගය සඳහා Ixchiq සහ Vimkunya වශයෙන් එන්නත් වර්ග දෙකක් හඳුන්වා දී ඇති අතර ඒවා ඇමරිකා එක්සත් ජනපදය තුළ සහ යුරෝපීය කොමිසම තුළ අනුමත වී තිබෙන නමුත් ශ්‍රී ලංකාව තුළ භාවිත වන්නේ ඉතා සීමිතව බව පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් ඒ රටවලව ද මේ එන්නත් භාවිතය පිළිබඳ යම් යම් සීමාවන් පවතින බැව් පෙනෙන්නට ඇති බැවින් අපගේ අවධානය යොමු විය යුත්තේ මේ රෝගය ඇති වූ පසු ප්‍රතිකාර ගැනීමට වඩා වළක්වා ගැනීම පිළිබඳවය.

ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය පිළිබඳ සලකා බැලීමේ දී එය චිකුන්ගුන්යාවලට වඩා වෙනස් බව පෙනෙන්නට තිබේ. 2009 වසරේ සිටම ශ්‍රී ලංකාව ඩෙංගු රෝගය සමග ඉතා උග්‍ර සටනක යෙදෙන රටක් වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 මුළුල්ලේම ව්‍යාප්තව පවතී. සෞඛ්‍ය අමාත්‍යංශය සහ ජාතික ඩෙංගු පාලන ඒකකය (National Dengue Control Unit – NDCU) පවසන පරිදි මාර්තු මාසයේ දී ඩෙංගු රෝගීන් 3,766 ක් ද, අප්‍රේල් මාසයේ දී 5,166 ක් ද, මැයි මාසයේ දී 6,042 ක් ද වාර්තා වී තිබේ. මේ සංඛ්‍යාලේඛන මගින් පෙනෙන්නේ මේ මාස 3 තුළම එය ඉහළ, ඒකාකාරී තත්ත්වයක පැවති බවය. ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගයේ වැඩිම බලපෑම ඇති වී තිබෙන්නේ 2017 වසරේ දී වන අතර, එහිදී රෝගීන් 186,101 ක් ද, මරණ 440 ක් ද වාර්තා වී තිබේ. ඩෙංගු රෝගය බහුල වශයෙන් බස්නාහිර පළාත තුළ දක්නට ලැබෙන අතර රෝගීන් අතර 25%ක්ම පාසල් දරුවන් සිටීම නිසා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීහු දැඩි සැලකිල්ලකින් කටයුතු කරති.


සෙල්සියස් අංශක 40 දක්වා ක්ෂණිකව අධික ලෙස ඇති වන උණ, තදබල හිසරදය සහ ඇස්වල වේදනාව, මස්පිඩු සහ සන්ධි වේදනාව, ඔක්කාරය සහ වමනය, දින 3 – 4 කට පසු ඇති වන දද සහ අසාධ්‍ය අවස්ථාවල දී විදුරුමස් සහ නාසයෙන් ඇති වන සුළු රුධිරය ගැලීම ආදිය මෙහි රෝග ලක්ෂණ ලෙස සඳහන් කොට තිබේ.
ජාතික ඩෙංගු පාලන ඒකකය සහ සෞඛ්‍ය අමාත්‍යංශය, තත්‍ය කාලීනව ඩෙංගු රෝගය නිර්ණය කර ගැනීම සඳහා DenSys වැනි මෙවලම් පද්ධති භාවිත කරයි. 2024 වසරේ සිට දත්ත මත පදනම්ව ඩෙංගු රෝගය සම්බන්ධ තීරණ ගැනීම සඳහා පද්ධතියක් ද නිර්මාණය කරනු ලැබිණි. වර්ෂා සමයන්හිදී සහ ඉන් පසුව ඩෙංගු කීටයන් ව්‍යාප්ත විය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීමේ වැඩපිළිවෙළවල් සෞඛ්‍ය අමාත්‍යංශය, ජාතික ඩෙංගු පාලන ඒකකය මහජන සෞඛ්‍ය නිලධාරීන් ද සමග අඛණ්ඩව සිදුකරගෙන යයි.

මේ වසරේ දී ශ්‍රී ලංකාව තුළ චිකුන්ගුන්යා සහ ඩෙංගු යන වසංගත රෝග දෙකම ඉතා ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින බව මේ අනුව පෙනෙන්නට තිබේ. මේ සඳහා රාජ්‍ය මැදිහත් වීම මෙන්ම මහජනයා සාමූහිකව ගනු ලබන පියවරයන් ද ඉතා වැදගත්ය. මේ රෝග දෙකම සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති බැවින් වඩාත් හොඳම පියවර වන්නේ රෝගය වැළඳීමට පෙර වළක්වා ගැනීමය. මදුරු විකර්ෂක භාවිතය, දෑත් දෙපා වැසෙන සේ ඇඳුම් ඇඳීම, මදුරු දැල් භාවිතය, අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම, ජලය නිශ්චලව පවතින, මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම සහ යම් සැකසහිත තත්ත්වයක දී වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම තුළින් ඔබත්, ඔබගේ ආදරණීයයනුත්, අසල්වැසියනුත් මෝ වසංගතවලින් ගලවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ඩෙංගු සඳහා Dengvaxia යනුවෙන් එන්නත් පවතින නමුත් එය ශ්‍රී ලංකාව තුළ අනුමත වී නැත. එයට හේතුව වන්නේ එයි ඵලදායිත්වය සහ ඩෙංගු රෝගීන් මත එය අවදානම් සහගත ලෙස ක්‍රියා කරන බව සොයා ගෙන තිබෙන නිසා බව සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.

වෙනත් බොහෝ වසරවලට වඩා මේ වසරේ දී ශ්‍රී ලංකාව තුළ චිකුන්ගුන්යා සහ ඩෙංගු යන වසංගත රෝග දෙකම ඉතා ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින බව මේ අනුව පෙනෙන්නට තිබේ. මේ සඳහා රාජ්‍ය මැදිහත් වීම මෙන්ම මහජනයා සාමූහිකව ගනු ලබන පියවරයන් ද ඉතා වැදගත්ය. මේ රෝග දෙකම සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති බැවින් වඩාත් හොඳම පියවර වන්නේ රෝගය වැළඳීමට පෙර වළක්වා ගැනීමය. මදුරු විකර්ෂක භාවිතය, දෑත් දෙපා වැසෙන සේ ඇඳුම් ඇඳීම, මදුරු දැල් භාවිතය, අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම, ජලය නිශ්චලව පවතින, මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම සහ යම් සැකසහිත තත්ත්වයක දී වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම තුළින් ඔබත්, ඔබගේ ආදරණීයයනුත්, අසල්වැසියනුත් මෝ වසංගතවලින් ගලවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
නිරංජන් චාමින්ද කරුණාතිලක