දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම් කාලගුණය ගැන දැනුම් දීමක් !

පොළොන්නරුව, මඩකළපුව අම්පාර, මොණරාගල හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල උණුසුම් කාලගුණය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.එම ප්‍රදේශ වල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බව එහි සඳහන් වේ. ඒ අනුව ඇති විය හැකි තාප ආඝාත ( Heat stroke ) ආදී තත්වයක් පිටු දැකීම පිණිස විසින් උණුසුම් කාලගුණය පවතින අවස්ථාවල කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ විසින් දන්වා ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

කාලීන පුවත්