වැස්ස තවත් වැඩි වන ළකුණු

මේ වන විට ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.අද (22) දින සවස් කාලයේදී උතුරු තමිල්නාඩු සහ දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළ ආසන්නයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද එම නිවේදනයේ දැක්වේ

කාලීන පුවත්