
පසුගිය ඔක්තෝබර් 24 වැනි දින ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනියක වූ අනුෂ්කා ෂර්මාට එතරම් සුබ දිනයක් වූයේ නැත. සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු වන ඇගේ දයාබර සැමියා, විරාත් කෝලි, ඕස්ට්‍රේලියාවට එරෙහි එක් දින තරගාවලියේදී පිට පිටම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර තිබුණි. වැඩි වේලාවක් ගතවන්නට පෙර, X සහ Instagram යන සමාජ මාධ්‍ය තුළ කෝලිගේ දුර්වල ක්‍රීඩා විලාශයට අනුෂ්කාට දොස් පවරන ‘මීම්’ (memes) සහ අවමන් සහගත අදහස්වලින් පිරී ගියේය. ඇතැම් සටහන් ඇයව කෝලිගේ “අවධානය බිඳින්නියක්” ලෙස හුවා දැක්වූ අතර, ඇය ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට අවාසනාව ගෙන ආ බවට ද චෝදනා එල්ල වන්නට පටන් ගැනුණි.
මේ චෝදනාව ඇයට මීට පෙර ද කිහිප වතාවක්ම එල්ල විණි. අනුෂ්කා ෂර්මා මේ තත්ත්වයට මුහුණ දෙන්නට වූයේ අද ඊයේ සිට නොවේ. එහි ආරම්භය දශකයකට එපිට, එනම් 2015 ICC ක්‍රිකට් ලෝක කුසලානය දක්වා දිව යයි. එවකටත් ඉන්දියාවේ වඩාත්ම ඇගයීමට ලක් වූ ක්‍රීඩකයන්ගෙන් කෙනෙකු වූ කෝලි, ඊට වසරකට පෙර අනුෂ්කා සමඟ වූ සිය සම්බන්ධතාව ප්‍රසිද්ධියට පත් කර තිබුණි. ‘PK’ සහ ‘Band Baaja Baaraat’ වැනි ජනප්‍රිය චිත්‍රපට ඔස්සේ ස්වකීය උත්සාහයෙන් කීර්තියට පත් ව සිටි ඇය, ඔහුව දිරිමත් කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට එරෙහි අර්ධ අවසන් තරගය නැරඹීමට සිඩ්නි වෙත ගියාය. කෝලි එක ලකුණකට දැවී ගිය විට ඉන්දියාවේ ජයග්‍රාහී සිහිනය අවසන් වූ අතර, පුදුමයට කරුණක් ලෙස, දෝෂාරෝපණය එල්ල වූයේ ඔහුගේ පිත්තට නොව, අනුෂ්කාටය. එනම්, අනුෂ්කා තරගය නැරඹීමට පැමිණීමට එරෙහිවය.

මෙම විවේචන කෙතරම් දුරදිග ගියේද යත්, 2020 වසරේදී සුනිල් ගවස්කාර් වැනි ප්‍රවීණ ක්‍රිකට් විචාරකයෙක් පවා විවේචනාත්මක අදහස් දැක්වීමකදී අනුෂ්කාගේ නම යොදා ගත්තේය. මෙම ප්‍රහාරවලින් ඇය අත්විඳි මානසික පීඩනය ඇගේ වෘත්තීය ජීවිතයට පවා බලපෑවේය. මෙම ප්‍රහාරවලට මුහුණ දීමේදී අනුෂ්කා ෂර්මා අත්විඳි මානසික පීඩනය වචනයෙන් පැවසීමට අපහසු විය. ඇය වරක් සිය වේදනාව ප්‍රකාශ කරමින් මෙසේ සඳහන් කළාය:
“මම බොලිවුඩයේදී අසාර්ථක වූ චිත්‍රපටයක් වෙනුවෙන් විවේචනයට ලක්වීම සාධාරණයි. නමුත් ක්‍රිකට් පිටියේදී මගේ සැමියාගේ ක්‍රීඩා විලාශය වෙනුවෙන් බැණුම් ඇසීම, මට කිසිදු පාලනයක් නැති දෙයක් වෙනුවෙන් දොස් පැවරීම, එය සිතා ගැනීමට පවා නොහැකි තරම් වේදනාකාරීයි. මෙය පැහැදිලිවම ස්ත්‍රී-ද්වේශයයි (Misogyny).”
සමාජ මාධ්‍ය පුරා පැතිර ගිය ‘ට්‍රෝල්’ (Trolls) පණිවුඩ (යමෙකුට හිතාමතා අපහාස කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය කරවන පණිවිඩ), මගින් ඇය ඔහුගේ “අවධානය බිඳීමකට” ලක් කළ බවට චෝදනා එල්ල විණි. ක්‍රීඩාගාරයේ කැමරාවලට හසු වූ ඇගේ මුහුණේ පැවතියේ දුක්බර, පරාජිත පෙනුමකි. එක රැයකින්, මේ කතාව ක්‍රිකට් ක්‍රීඩාවේ සිට චරිත ඝාතනයක් බවට මාරු විය. මිනිසෙකුගේ ක්‍රීඩා කාර්ය සාධනයට කාන්තාවකගේ පැවැත්ම සම්බන්ධ කළ ප්‍රසිද්ධ හිරිහැර කිරීමේ ප්‍රධාන සිද්ධිය එය වූ අතර, එය එතැනින් අවසන් වූයේ ද නැත.
“මගේ ජීවිතයේ දුෂ්කරම කාලය තුළ මට සහාය දුන්නේ ඇය පමණයි. මගේ ක්‍රීඩාව අසාර්ථක වන සෑම විටම ඇයට දොස් පැවරීම, විහිළු කිරීම සහ අපහාස කිරීම ලැජ්ජාවට කරුණකි. නැවත ඇයට මෙවැනි දේ නොකරන්නැයි මම ඉල්ලා සිටිනවා. ඇය මාගේ සහකාරියයි. ඇය මගේ ශක්තියයි.”
මෙම සියලු අපහාස සහ අසත්‍ය චෝදනා හමුවේ විරාත් කෝලි කිසිවිටෙකත් තම බිරිඳට පිටුපෑවේ නැත. ඔහු නිරන්තරයෙන්ම ඇය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. 2016 වසරේදී සිය සමාජ මාධ්‍ය ගිණුමේ ප්‍රබල පණිවිඩයක් නිකුත් කළ කෝලි,
“මගේ ජීවිතයේ දුෂ්කරම කාලය තුළ මට සහාය දුන්නේ ඇය පමණයි. මගේ ක්‍රීඩාව අසාර්ථක වන සෑම විටම ඇයට දොස් පැවරීම, විහිළු කිරීම සහ අපහාස කිරීම ලැජ්ජාවට කරුණකි. නැවත ඇයට මෙවැනි දේ නොකරන්නැයි මම ඉල්ලා සිටිනවා. ඇය මාගේ සහකාරියයි. ඇය මගේ ශක්තියයි.”
මෙම ඍජු ප්‍රකාශයන් මගින් ඔවුන්ගේ සබඳතාවයේ ගැඹුර සහ අන්‍යෝන්‍ය සහයෝගය කොතරම්ද යන්න හොඳින්ම පැහැදිලි වේ.
2020-2022 අතර කාලයේ කෝලි අත්විඳි දුර්වල ක්‍රීඩා විලාශය හෙවත් ‘ලකුණු අඩුව’ (Run-Drought) අතරතුර, ඔහුට මානසික ශක්තිය ලබා දුන්නේ අනුෂ්කා පමණක් බව කෝලි විසින්ම ප්‍රසිද්ධියේ කියා සිටියේය. මෙම දුෂ්කර කාලය, ඔවුන්ගේ සම්බන්ධතාවයේ ශක්තිය තවදුරටත් තහවුරු කළේය.
මෙම අභියෝගවල අඳුරුතම තැනට ඔවුන් මුහුණ දුන්නේ 2021 දීය. එනම්, ඉන්දියාව පරාජය වීමෙන් පසු, ඇතැම් ද්වේෂ සහගත ප්‍රචාරයන් සිදු කරන පුද්ගලයින් විසින් ඔවුන්ගේ මාස 9ක් වයසැති දියණිය වන වාමිකාට දූෂණ තර්ජන පවා එල්ල කළ අවස්ථාවේදීය. මෙම බිහිසුණු සිදුවීමෙන් පසු, ඔවුන් දියණියගේ පෞද්ගලිකත්වය දැඩි ලෙස ආරක්ෂා කිරීමට තීරණය කළ අතර, මෙය ඔවුන්ගේ පවුල් බැඳීමට එල්ල වූ බරපතළම පීඩනය විය.
‘ට්‍රෝල්’ පණිවිඩ හුවමාරු වූයේ කිසිම විටෙක දී ක්‍රිකට් පිළිබඳ නොවේ. එය ස්ත්‍රී පුරුෂ භාවය සහ සමාජයීය බලපෑම් ගැන විය. හොඳම ක්‍රීඩකයන් පවා අසමත් වන බවට වූ ක්‍රීඩාවේ යථාර්ථයට මුහුණ දෙනවා වෙනුවට, රසිකයෝ කාන්තාවක් වෙත පහසුවෙන් කෝපය යොමු කරන බව බොහෝ විචාරකයෝ සඳහන් කළහ. පීතෘමූලික සමාජයක, බලවත් පිරිමින්ට සමීප කාන්තාවන් බොහෝ විට අවධානය බිඳින්නන්, ධනය පසුපස හඹා යන්නන්, හෝ නොසැලකිලිමත්කමේ සංකේත ලෙස පෙන්වා දෙනු ලැබේ. තමාගේ සියලු කටයුතු සඳහා අනුෂ්කා සහාය දක්වන බව කෝලි නිතර පැවසුව ද ක්‍රීඩා ලෝලීහු එය පිළිගන්නට මැලි වූහ.
සමාජ විද්‍යාඥයන් දීර්ඝ කාලයක් තිස්සේ නිරීක්ෂණය කර ඇත්තේ, ආදරණීය පුරුෂ චරිතයක් අසාර්ථක වන විට, ප්‍රසිද්ධ දෝෂාරෝපණය බොහෝ විට ඔහු හා සම්බන්ධ කාන්තාවන් වෙත එල්ල වන බවයි. ඇතැම් තැන්වල මෙය ‘හවුල් දෝෂාරෝපණය’ (associative blame) ලෙස හඳුන්වනු දක්නට ලැබේ. ගැහැනියකගේ පැමිණීම පිරිමියකුගේ දෛවයට බලපාන බවට වූ මිත්‍යා විශ්වාසයක් යටි සිතේ පවතී. භාර්යාවන් වාසනාවන්ත හෝ අවාසනාවන්ත බවට වූ අන්ධ විශ්වාසයන් පෝෂණය කරන මානසිකත්වයම මෙය වන අතර, ඔවුන්ගේ පාලනයෙන් බැහැර තේරීම් සඳහා කාන්තාවන්ට දඬුවම් කරන මානසිකත්වය ද එයමය.
මානසිකව මෙය සංජානනමය විෂමතාවය (cognitive dissonance) සමඟ ද බැඳී තිබේ. වීරයකු පරාජයට පත් වන විට, එය පිළිගැනීමට කැමති නොවන අනුගාමිකයෝ, දොස් පැවරිය හැකි වෙනත් යමක් සොයන්නට උත්සාහ ගනිති. පිරිමියාගේ සහකාරිය එයට හොඳම විකල්පය බවට පත් වෙයි. සමාජ මාධ්‍ය මෙම ආවේගයට පොහොර දමන අතර, මිලියන ගණනකට ක්ෂණිකව, අනන්‍යතාවය සඟවාගෙන, සහ වගවීමකින් තොරව කෝපය පිට කිරීමට ඉඩ සලසයි.
මේ සියල්ල තුළ, අනුෂ්කා ෂර්මා විශේෂයෙන් සංයමයෙන් සිටියාය. සම්මුඛ සාකච්ඡාවලදී, ඇය අපවාදවලට ලක්වීම් පිළිගෙන ඇතත්, එයින් බිඳවැටීමක් පෙන්නුම් කළේ නැත.
“මගේ සම වයසේ බොහෝ අයට වඩා මම අපවාදවලට ලක්වෙලා තියෙනවා. මේවාට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද කියා මම මුලින් දැන සිටියේ නැහැ. දැන් මම මේ කිසිවක් තඹයකට සලකන්නේ නැහැ.” අනුෂ්කා පවසා සිටියාය.
එමෙන්ම ඇය මෙවැනි අපවාදයන්වලට ලක්වන අතරතුරේ ‘NH10’ සහ ‘Pari’ වැනි ඇගයීමට ලක් වූ චිත්‍රපට නිෂ්පාදනය කළාය. ඒ අතරම කෝලිගේ උස් පහත් අවස්ථාවලදී ඔහුට සහාය දැක්වූවාය. ඔවුහු එක්ව තමාටම අනන්‍ය වූ ලෝකයක් ගොඩ නගා ගත්හ. එය ඇයට එල්ලවන අපවාදයන්ට එරෙහිව නිහඬව කරන අවඥාවකි.
මේ තත්ත්වයට මුහුණ දෙන ලොව සිටින එකම ගැහැනිය අනුෂ්කා පමණක් නොවේ. තවත් බොහෝ ගැහැනු ද, විශේෂයෙන් ජනප්‍රිය ගැහැනු ද තමාට හිමි නැති දෝෂාරෝපණවලට ලක්වනු දැකිය හැකිය. ඉන්දීය ක්‍රීඩා නිවේදිකාවක් වන මයන්තී ලාන්ගර්ට සිය සැමියාගේ දුර්වල ක්‍රීඩා විලාශය වෙනුවෙන් අවාසනාවන්ත ලෙස අවලාදවලට මුහුණ දීමට සිදු විය. එසේම, ක්‍රීඩා විචාරිකා සන්ජනා ගනේෂන්ට ඇගේ සැමියා වන ජස්ප්‍රිට් බුම්රා ආබාධිතව සිටියදී පවා ශරීරයට අපහාස කරන ආකාරයේ අදහස් සහ චෝදනා එල්ල විය. මෑතකදී, හාර්දික් පාණ්ඩ්‍යාට එල්ල වූ අපවාද කිරීම් ඔහුගේ බිරිඳ වන නතාෂා ස්ටැන්කොවිච් වෙත ද යොමු විය. මෙම සියලු දෙනා අභියෝග ජය ගත්තේ අන්‍යෝන්‍ය ගෞරවයෙන් සහ සහයෝගයෙනි. ක්‍රිකට් ක්‍රීඩක KL රාහුල්ගේ බිරිඳ වන අතියා ෂෙට්ටි ට ඔහුගේ දුර්වල ක්‍රීඩා විලාශය ගැන දොස් පවරා ඇති අතර, එය තුළින් ද පෙන්නුම් කරන්නේ සිය වීරයාගේ අසාර්ථකත්වය වෙනුවෙන් දොස් පැවරීමේ බිල්ල ඔහුගේ බිරිඳ මතින් යැවීමේ උත්සාහයය. ඉන්දියාවෙන් පිටත, සෙරීනා විලියම්ස් සහ නයෝමි ඔසාකා වැනි ජාත්‍යන්තර ක්‍රීඩිකාවන් පවා, තමා මුහුණ දුන් මෙවැනි සිදුවීම් පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් දක්වා තිබේ.
විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මාගේ කතාව අපට උගන්වන්නේ, කීර්තිමත් ජීවිතයකදී මුහුණ දීමට සිදුවන පීඩනය හමුවේ අන්‍යෝන්‍ය සහයෝගය සහ ගෞරවය කොතරම් වැදගත්ද යන්නයි. ඔවුන් තම සම්බන්ධතාව කිසිවෙකුට හෝ කිසිදු තර්ජනයකට යටත් නොකළ අතර, එකිනෙකාට මානසික ශක්තිය ලබා දෙමින් ඉදිරියට ගමන් කළහ.

මේ සියල්ල මැද, අනුෂ්කා ෂර්මාගේ ප්‍රතිචාරය ඉතා ධනාත්මකය. ඇය නිශ්ශබ්දව මේවාට පිළිතුරු ලබා දුන්න ද, එය තුළ පසුබැසීමක් පෙන්නුම් කරන්නේ නැත. ඇය තුළ පළිගැනීමේ අරමුණක් ද නැත. ඇය ඒ වෙනුවට තමා තුළ වූ සංයමය බලයක් ලෙස නැවත සමාජය තුළට මුදා හරින්නීය.
විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මාගේ කතාව අපට උගන්වන්නේ, කීර්තිමත් ජීවිතයකදී මුහුණ දීමට සිදුවන පීඩනය හමුවේ අන්‍යෝන්‍ය සහයෝගය සහ ගෞරවය කොතරම් වැදගත්ද යන්නයි. ඔවුන් තම සම්බන්ධතාව කිසිවෙකුට හෝ කිසිදු තර්ජනයකට යටත් නොකළ අතර, එකිනෙකාට මානසික ශක්තිය ලබා දෙමින් ඉදිරියට ගමන් කළහ.
මෙම යුවල, තම තෝරාගත් සහකරුවන්ගේ වෘත්තීය ජීවිතයේ අසාර්ථකත්වයන් සඳහා දොස් පවරනු ලබන ලොව පුරා සිටින සියලුම කාන්තාවන්ට ධෛර්යය සහ අභිමානය පිළිබඳ ආදර්ශයකි. ඔවුන් සැබවින්ම අභියෝග ජයගත් ශක්තිමත් ආදර කතාවක් ලෙස ලෝකයේ ඉදිරියට ගමන් කරති.
නිරංජන් චාමින්ද කරුණාතිලක