මාස 10ට විදෙස් ප්‍රේෂණ කෝටි 195,000 ඉක්ම­වයි

විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව මේ වසරේ මේ දක්වා කාලයේ මෙර­ටට සිදු කර තිබෙන ප්‍රේෂ­ණ­වල වටි­නා­කම රුපි­යල් කෝටි 195,000 (අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 6.5) ඉක්මවා ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. මේ වසරේ ජන­වාරි මාසයේ පළමු වැනිදා සිට ඔක්තෝ­බර් මාසයේ 31 වැනිදා දක්වා විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව විසින් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 6.52ක ප්‍රේෂණ සිදු කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නව­තම සංඛ්‍යා ලේඛ­න­වල සඳ­හන් වෙයි.

මේ අගය 2024 වසරේ එම කාල පරි­ච්ඡේ­ද­යට සාපේ­ක්ෂව සිය­යට 20.1ක කැපී පෙනෙන වර්ධ­න­යක් බව ද මහ බැංකුව පෙන්වා දෙයි.

ඔක්තෝ­බර් මාසයේ දී පම­ණක් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 712ක ප්‍රේෂණ ලැබී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛ­න­ව­ලින් පෙන්වා දෙන්නේ මේ වසරේ මුල් මාස නවයේ සංචා­රක ඉපැ­යීම් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 2 ඉක්මවා ඇති බවයි. ඒ අනුව 2025 මුල් මාස නවයේ මුළු සංචා­රක ඉපැ­යීම් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 2.47ක් ලෙස වාර්තා වන අතර, එය 2024 මුල් මාස නවයේ වාර්තා වූ අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 2.34ක සංචා­රක ඉපැ­යීම් හා සස­ඳන විට සිය­යට 5.3ක වැඩි­වී­මකි.

විදේශ සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂණ මෑත කාලයේ ධනා­ත්මක ප්‍රව­ණ­තා­වක් පව­ත්වා­ගෙන ගොස් තිබෙන අතර, 2024 වර්ෂ­යට සාපේ­ක්ෂව කැපී පෙනෙන වර්ධ­න­යක් පෙන්නුම් කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

කාලීන පුවත්