
උතුරු ප්‍රංශයේ නෝමැන්ඩි පළාතේ කුඩා නගරයක් වන ඩොසුලේ හි ජේසුස් වහන්සේගේ විශේෂ දර්ශනයක් සිදුව ඇති බවට ලොව පුරා යම් ආන්දෝලනයක් පැන නැඟී ඇත. මෙබඳු සිදුවීම් ආශ්චර්යයන් සේ පිළිගන්නා කතෝලිකයන් විශ්වාස කරන්නේ සුවිශේෂ ආගමික පණිවිඩ ඉදිරිපත් කිරීමට, නව භක්ති පිළිවෙත් නිර්මාණය කිරීමට හා හඳුන්වා දීමට හෝ සාමය සඳහා පොදු ආයාචනා කිරීමට ජේසුස් වහන්සේ සහ මරියා තුමිය වැනි උත්තරීතර ආගමික චරිත මෙලෙස දර්ශනය විය හැකි බවයි.
එම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්, කතෝලික සභාවේ වතිකානයේ රෝමානු පූජක මණ්ඩලයේ ආයතනයක් වන ඇදහිලි හා මූලධර්ම පිළිබඳ ඉහළම කාර්යාලය (The Dicastery for the Doctrine of the Faith-DDF) නිවේදනය කොට ඇත්තේ ජේසුස් වහන්සේ ජනතාවගේ යාච්ඤාවලට සවන් දෙනු ඇතත් ඉහත ප්‍රකාශ වන ආකාරයේ දර්ශනය වීමක් සිදු කර නොමැති බවයි.
නමුත් එම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්, කතෝලික සභාවේ වතිකානයේ රෝමානු පූජක මණ්ඩලයේ ආයතනයක් වන ඇදහිලි හා මූලධර්ම පිළිබඳ ඉහළම කාර්යාලය (The Dicastery for the Doctrine of the Faith-DDF) නිවේදනය කොට ඇත්තේ ජේසුස් වහන්සේ ජනතාවගේ යාච්ඤාවලට සවන් දෙනු ඇතත් ඉහත ප්‍රකාශ වන ආකාරයේ දර්ශනය වීමක් සිදු කර නොමැති බවයි. මෙය ඉතා වැදගත් නිවේදනයකි.
ඒ අනුව, උතුරු ප්‍රංශයේ නෝමැන්ඩි හි ඩොසුලේ නගරයේ ජේසුස් වහන්සේගේ දර්ශනයන් පිළිබඳ එම ප්‍රකාශය ලොව පුරා සිටින බිලියන 1.4ක කතෝලිකයන් විසින් සත්‍යයක් සේ පිළිගත යුතු නොවන බවට ලියෝ පාප් වහන්සේ විසින් අනුමත කරන ලද උපදෙසකින් පසු අදාළ කාර්යාලය නිවේදනය කර තිබේ. මෙම කාර්යාලය යනු කතෝලික ඉගැන්වීම් (Doctrine ) වල අඛණ්ඩතාව ආරක්ෂා කරන නිල ආයතනය ද වේ.
මෙම නිවේදනයට අනුව තවදුරටත් ඉහත සඳහන් සිදුවීම ආශ්චර්යයක් සේ ජනතාව හමුවේ ප්‍රකාශ කිරීමට කතෝලික සභාවෙන් කිසිදු අවසරයක් නැත. එමෙන්ම අයුතු ලාභ ඉපැයීම සඳහා එවැනි සිදුවීම් භාවිත කිරීමට ඇති අවකාශය සම්බන්ධයෙන් ද වතිකානය අනතුරු ඇඟවීමක් ද අඟවා තිබේ.
මෙය ලොව සියළුම ආගම් හා සම්බන්ධ අතිශය වැදගත් ප්‍රකාශයකි. එමෙන්ම ජේසුස් වහන්සේ දර්ශනය වූ බව පැවසුණු අවස්ථාවක, 2000 වසරට පෙර ලෝක අවසානය සිදුවනු ඇතැයි ප්‍රකාශ කළ බවට ඇතැම් තැන් වල සඳහන් වී තිබූ අනාවැකි ද සත්‍ය නොවූ බව වතිකානය නිකුත් කළ උපදෙස්වල සඳහන් විය.

අදාළ ආයතනයේ ප්‍රධානියා වන වික්ටර් මැනුවෙල් ෆර්නැන්ඩස් කාදිනල් තුමන් නොවැම්බර් 12 වන දින නිකුත් කරන ලද ලියවිල්ලකින් මේ බව සහතික කොට තිබේ.

1970 ගණන්වලදී ද ඩොසුලේ නගරයේදී, මැඩලින් ඕමොන්ට් (Madeleine Aumont) නම් කතෝලික මවකට ජේසුස් වහන්සේ දර්ශනය වූ බවට ද වාර්තා විය. ඇය 1972 සිට 1978 දක්වා කාලය තුළ 49 වතාවක් ජේසුස් වහන්සේ දුටු බවත්, උන්වහන්සේ විසින් පණිවිඩ මාලාවක් ලබා දී, “ආශ්චර්යමත් කුරුසයක්” (Glorious Cross) ඉදි කරන ලෙස පැවසූ බවත් කියා සිටියාය. මෙම ප්‍රකාශ සඳහා සලකා බැලිය යුතු අවධානයක් දීම අනවශ්‍ය බව වතිකානයේ ඇදහිලි හා මූලධර්ම පිළිබඳ ඉහළම කාර්යාලයේ අදහසයි. නමුත් ඩොසුලේ හි ඉදි වූ එම “ආශ්චර්යමත් කුරුසය” අද ද දැක බලා ගත හැක.
ප්‍රංශය යනු කතෝලික ලෝකයේ ප්‍රසිද්ධ මරියා මව්තුමිය ගේ දර්ශන (Marian Apparitions) කිහිපයක් සිදු වූ ස්ථානයකි. බොහෝ දෙනෙක් ජේසුස් වහන්සේගේ දර්ශන ගැන විමසන විට, ඔවුන් කන්‍යා මරිය තුමියගේ ප්‍රසිද්ධ දර්ශන ගැනත් සඳහන් කරති. කතෝලික සමාජයේ ප්‍රධාන තැනක් හිමි වන මරිය බැතියට අප රටේ ද ප්‍රධාන තැනක් හිමි ව තිබේ. මෙය කිතු බැතිය ද ඉක්මවන මට්ටමකට පත්ව ඇති බවට කතෝලික ප්‍රජාව තුළ විද්වත් සංවාදයක් ද ඇරඹී තිබේ. නමුත් කතෝලික සභාවේ ප්‍රධානතම ව්‍යුහයක් වන ජන වන්දනා (Liturgy ) ආකෘතිය කෙරෙහි ඇති විය හැකි විවිධාකාර බලපෑම් මුල් කොට එම සංවාදය පොදු කිතුණු ප්‍රජාව හමුවේ වර නොනැඟෙන බව අප ගේ වැටහීම ය.
ඒ අතරේ කතෝලිකයන්ට මරියා මව්තුමිය සඳහා භාවිත කළ හැකි හැඳින්වීම පැහැදිලි කරමින් ද වතිකානය මෑතකදී නියෝගයක් නිකුත් කොට තිබේ. කතෝලිකයන් විශ්වාස කරන්නේ ජේසුස් වහන්සේ පමණක් එතුමන්ගේ කුරුසියේ ඇණ ගැසීමෙන් සහ මරණයෙන් මනුෂ්‍යත්වය මුදවා ගත් බවයි. ඒ අනුව මරියා මව්තුමිය ලෝකයේ ‘සම-ගැලවුම් කාරිය’ (Co-redemptrix) ලෙස හැඳින්විය නොහැකි බව වතිකානය ප්‍රකාශ කර ඇත. එහෙත් අප ගේ ගැලවීම පිණිස අප උදෙසා යාඥා කරන අතරමැදි භූමිකාව මුල් කොට එතුමියට ද කතෝලික සමාජය තුළ සම ශාස්තෲත්වයක් හිමි ව ඇති බවක් පෙනේ.

ඉහත සඳහන් ජේසුස් වහන්සේ ගේ සහ මරිය තුමිය ගේ දර්ශනය වීම් හා සම්බන්ධ සංසිද්ධීන් නූතනවාදී දෘෂ්ටියට අනුව විමසා බලන විට ඒවා බොහොමයක් පුද්ගල හා සමාජ මනෝ විද්‍යාත්මක සාධක ලෙස හඳුනා ගැනීමේ පහසු හැකියාවක් තිබේ. එමෙන්ම මේවා ලොව සෑම ආගමික සංස්කෘතික ධාරාවකටම පොදු ලක්ෂණ බව ද අතිශයින් පැහැදිලි ය. නමුත් ඉහත සඳහන් ආකෘතියේ පවත්නා ජනානන්දනීය ස්වරූපය නිසා ඒ සම්බන්ධ අදාළ ස්ථාන කෙරෙහි ජනතා අවධානය ශීඝ්‍රාකාරයෙන් යොමු වීමේ පැහැදිලි සම්භාවිතාවක් තිබේ. නමුත් දෙවියන් වහන්සේ විසින් ස්වකීය කැමැත්ත මත පවත්නා වූ සැලැස්ම මිනිසා වෙත ප්‍රකාශ කරන එළිදරව්ව (Revelation) තුළින් මතු වන ක්‍රිස්තියානි දාර්ශනිකත්වය (Christian Philosophy) නූතන කිතුනු ප්‍රජාව වෙතින් කොතෙක් බැහැරව තිබේ ද යත්, එවන් ස්ථාන වැනි භෞතික පදාර්ථයන් මත දෙවියන් වහන්සේ දැකීමේ සමාජමය අවශ්‍යතාවක් පැන නැඟී තිබේ. “වැලි, ගල්, සිමෙන්ති ඇතුළේ දෙවියන් වහන්සේ ව හොයලා වැඩක් නෑ. උන් වහන්සේ ව හොයා ගන්න ඕනේ තම තමන්ගේම හදවත් ඇතුළෙන්” යන ක්‍රිස්තියානි දාර්ශනිකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය කතෝලික ප්‍රජාව හමුවේ අතිශය අභීත හා එඩිතර ප්‍රකාශයක් කළ පූජකතුමකු වූ ගරු මයිකල් රොද්‍රිගු පියතුමා ගේ එම වදන් මේ මොහොතේ අපගේ සිහියට නැඟේ. එමෙන්ම හඬක් නඟා ගත නොහැකි දිළිඳුන් වෙනුවෙන් තම පූජක දිවිය කැප කළ එතුමා ශ්‍රී ලාංකේය කතෝලිකයන් අතරේ විමුක්ති දේවධර්මය (Liberation Theology) ප්‍රචලිත කරමින් සිටිය දී 1987 නොවැම්බර් 10 වන දා බුත්තල අලුකළවිට සුබසෙත් ගෙදර නම් වූ කුඩා නිවහන තුළ දී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ලක් ව ඝාතනය විය. ඒ වන විට එතුමන්ගේ වයස අවුරුදු හැටකි.
දෙවියන් වහන්සේගේ සැබෑ පණිවිඩය ජනතාව අතරට පැමිණවීම හේතුවෙන් මරණයට පත් වන්නෝ ප්‍රාණ පරිත්‍යාගීවරුන් (Martyrs) ලෙස හැඳින්වෙති. ඒ අනුව ගරු මයිකල් රොද්‍රිගු පියතුමා ද නියත ලෙසම ප්‍රාණ පරිත්‍යාගී වරයෙකි. “වැලි, ගල්, සිමෙන්ති ඇතුළේ දෙවියන් වහන්සේ ව හොයලා වැඩක් නෑ. උන් වහන්සේ ව හොයා ගන්න ඕනේ තම තමන්ගේම හදවත් ඇතුළෙන්” ආදී කතෝලික සභාව ඉක්මවා ගිය ක්‍රිස්තියානි දාර්ශනිකත්වය හා සෘජුව සබැඳි ප්‍රකාශ කළ එතුමන් නිල වශයෙන් ප්‍රාණ පරිත්‍යාගී තත්ත්වයට පත් නොවීම ගැන අප පුදුම විය යුතු ද නැත. මක් නිසා ද යත් අද කාලයේ තාලය එය වන බැවිනි.
දෙවියන් වහන්සේගේ සැබෑ පණිවිඩය ජනතාව අතරට පැමිණවීම හේතුවෙන් මරණයට පත් වන්නෝ ප්‍රාණ පරිත්‍යාගීවරුන් (Martyrs) ලෙස හැඳින්වෙති. ඒ අනුව ගරු මයිකල් රොද්‍රිගු පියතුමා ද නියත ලෙසම ප්‍රාණ පරිත්‍යාගී වරයෙකි. “වැලි, ගල්, සිමෙන්ති ඇතුළේ දෙවියන් වහන්සේ ව හොයලා වැඩක් නෑ. උන් වහන්සේ ව හොයා ගන්න ඕනේ තම තමන්ගේම හදවත් ඇතුළෙන්” ආදී කතෝලික සභාව ඉක්මවා ගිය ක්‍රිස්තියානි දාර්ශනිකත්වය හා සෘජුව සබැඳි ප්‍රකාශ කළ එතුමන් නිල වශයෙන් ප්‍රාණ පරිත්‍යාගී තත්ත්වයට පත් නොවීම ගැන අප පුදුම විය යුතු ද නැත. මක් නිසා ද යත් අද කාලයේ තාලය එය වන බැවිනි. නමුත් ඒ සම්බන්ධයෙන් මගේ පෞද්ගලික විශ්වාසය වනුයේ අද දවස මෙසේ ගත වී ගිය ද අනාගතය කෙදිනක හෝ මේ බරපතල වරද නිවැරදි වන බව ය.
රීටා ජෙනට් පෙරේරා