ගනේතැන්න ඛේදවාචකය;නුවර පාර තව දුරටත් වසා තැබේ

වටිනා මිනිස් ජීවිත පහක් අකාලයේ මරු මුවට ඇද හෙළමින් හා තවත් තිදෙනකුට ආසන්න පුද්ගල සංඛ්‍යාවක් මේ වන විටත් අතුරුදන් කරමින් නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට ඊයේ (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වසා දැමුණු එම මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් මහතා පවසයි.එමෙන්ම ඒ මහතා පැවසුවේ මේ වන විටත් වැසි ඇද හැලෙමින් පවතින බවත් මේ වන විට මුදවා ගැනීම් තාවකාලිකව අවසන් කර ඇති අතර අද උදෑසන සිට එම මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට තීරණය කළ බවත් ඒ මහතා පැවසීය.එමෙන්ම මෙම සිදුවීම නැරඹීමට පැමිණීම ද අතිශය අවදානම් බැවින් එම මාර්ගය වසා තැබූ ස්ථානයෙන් ඇතුළට පිවිසීමට සාමාන්‍ය ජනතාවට ඉඩක් නොමැති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්