පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය සේම හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළදී ඝාතනය කර ඇති බවට වන නිල නොවන පුවතක් එරට සමාජ මාධ්‍ය තුළ මේ වන විට වේගයෙන් සංසරණය වෙමින් තිබේ.එමෙන්ම ඉම්රාන් ඛාන්ගේ සුවදුක් බැලීමට පැමිණි ඔහුගේ සහෝදරියන් තිදෙනා ද බන්ධනාගාරයෙන් පිටතදී කුරිරු පොලිස් ප්‍රහාරයකට ලක්ව ඇති බවත් වාර්තා වේ.ඔවුන් තිදෙනා මාසයක කාලයක් සිට ඉම්රාන් ඛාන් හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියද මෙතෙක් ඒ සඳහා අවසර ලබා දී නොමැති බව සඳහන් වේ.මේ වන විට ඉම්රාන් ඛාන් රඳවා සිටින ආඩියාලා බන්ධනාගාරය ඉදිරිපිට ඔහුගේ පීටීඅයි පක්ෂයේ ආධාරකරුවන් රැඳී සිටින බවද වාර්තා වේ.එමෙන්ම ඇතැම් වාර්තා පවසන්නේ පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍යවරයා දින 22ක් අබිරහස් ලෙස හුදකලා කොට සිටින බව ය.කෙසේ නමුත් පාකිස්තාන රජය මේ දක්වා මේ සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.ඉඩම් වංචා නඩුවක් හා ඔහු අගමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේ පාකිස්තානය මුහුණ දුන් මූල්‍යමය කඩා වැටීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් 2023 වසරේ අගෝස්තු මාසයේ සිට වසර 14ක සිර දඬුවමක් විඳිමින් සිටී.