මේ වන විට බලපැවැත්වෙන කාලගුණික ආපදාකාරී තත්ත්වය හේතුවෙන් අද (28) උදෑසන 6 න් පසු සියලුම මාර්ගවල දුම්රිය සේවා අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.ඒ අනුව, අත්‍යාවශ්‍ය සේවාවලට පැමිණෙන පුද්ගලයන් සඳහා සීමිත දුම්රියවාර කිහිපයක් හැර සෙසු සියලු දුම්රිය ධාවනය අවලංගු කළ බව පවසන දුම්රියමෙහෙයුම් අතිරේක සාමාන්‍යාධිකාරී චන්ද්‍රසේන බණ්ඩාර මහතා පවසා ඇත්තේ, මෙම තීරණය ගෙන ඇත්තේ මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් බවයි.දැනට පවතින අඛණ්ඩ අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය මාර්ග කිහිපයක් ඔස්සේ නායයෑම් අවදානම වැඩි වී තිබෙන අතර ගංවතුර තත්ත්වයන් සහ ගස් කඩා වැටීමේ අවදානම ද ඉහළ ගොස් ඇති බව වාර්තා වී තිබේ.