
ශ්‍රී ලංකාව අද මුහුණ දෙන ප්‍රධානතම ඛේදවාචකය වන්නේ අපේ ඉතිහාසයේ වෙනත් කිසිම කාලයකට වඩා දරුණු, නිතර නිතර සහ පුළුල් ලෙස කඳුකර ප්‍රදේශවල සිදුවන නායයෑම්වල ශීඝ්‍ර වැඩිවීමයි. එක් කාලයකදී දුර්ලභ හෝ නිතර වාර්තා නොවන්නක් ලෙස සැලකූ අනතුරක් මේ වන විට එකවර දිස්ත්‍රික්ක කිහිපයකට බලපාන අනපේක්ෂිත ජාතික අර්බුදයක් බවට පත්ව තිබේ. මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල, මීට පෙර සුළු හානියක් පමණක් සිදු කළ කුඩා බෑවුම් බිඳ වැටීම්, දැන් විනාශය ගෙන දෙන, ජීවිත බිලි ගන්නා සහ සමස්ත ගම්මානම අතුගා දමන දැවැන්ත ඛේදවාචකයන් දක්වා වර්ධනය වී තිබේ. මෑත කාලීනව සිදුවූ දරුණු නායයෑම් පෙළ මගින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ කඳුකර පරිසරය අවදානමේ තීරණාත්මක සීමාවකට ළඟා වෙමින් පවතින බවයි. මේ තත්ත්වය යටතේ අද වන විට නාය යාම්වලට ලක් වූ සහ ඒ සඳහා අවදානමක් පවතින ප්‍රදේශවල ඇතැමුන් තම නිවාස දේපල අත් හැර දමා පහත් බිම් ප්‍රදේශවලට සංක්‍රමණය වන බවට තොරතුරු ලැබේ. එමෙන්ම එහි නවතම තත්ත්වය වනුයේ මේ වන විට එම කඳුකර ප්‍රදේශ බොහොමයක නිවාස දේපළ වටිනාකම් ශීඝ්‍රයෙන් පහළ බැසීම හා ඊට සාපේක්ෂව කඳුකර වැසියන් බහුලව සංක්‍රමණය වන පහත් බිම් ප්‍රදේශවල නිවාස දේපල මිල ඉහළ නැඟීම ය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඇතැමුන් නඟන පැනයක් වනුයේ, “මේ විදිහට නාය ගියොත් අපට කඳුරටක් නැත්තටම නැතිවේද?” යන්න ය. එහෙත් මෙය හුදු විහිළුවක් හෝ අඥාන පැනයක් නොවන බව ද කිව යුතුම ය.
නායයෑම් පිළිබඳ අධ්‍යයනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධිකාරිය වන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO), මෑත වසරවලදී වඩාත් භයානක තක්සේරු කිහිපයක් ලබා දී තිබේ. ඔවුන්ගේ සොයාගැනීම්වලට අනුව, දැනට රට තුළ නායයෑමේ අධි අවදානම් කලාප ලෙස වර්ගීකරණය කර ඇති ස්ථාන 15,000ක් පමණ පවතී. වාර්තාගත ඉහළම සංඛ්‍යාවලින් එකක් වන මෙය, ගැටලුව කෙතරම් දුරට ව්‍යාප්ත වී ඇත්දැයි අවධාරණය කරයි. මේ වන විට එවැනි ස්ථාන බොහොමයක පවුල් 5000ක් පමණ නැවත පදිංචි වීම් සඳහා අවසර ලබා දී ඇති බව ද පැවසේ.
අද වන විට අඩි 5,000කට වඩා ඉහළින් පිහිටි භූමිය සම්පූර්ණයෙන්ම වනාන්තර ආවරණය සහ පාරිසරික සංරක්ෂණය සඳහා වෙන් කළ යුතුද යන්න පිළිබඳ බරපතළ ජාතික සංවාදයක් පවතී. බොහෝ පාරිසරික විශේෂඥයින් තර්ක කරන්නේ එම උසකින් යුත් ප්‍රදේශවල ජනාවාස සහ කෘෂිකාර්මික භාවිතයන් ස්වාභාවික ස්ථායිතාවට බාධා කරන බවත්, එම ප්‍රදේශවල ස්වාභාවික වෘක්ෂලතා ආවරණය යළි පිහිටුවීමෙන් අනාගත නායයෑම් සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බවත්ය. සිත්ගන්නා කරුණ නම්, මෙය අලුත් කාරණයක් හෝ වත්මන් ආණ්ඩුවේ නවතම සොයා ගැනීමක් නොවීමයි. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී, පරිපාලකයින් ඉහළ උන්නතාංශ භූමි බිඳ වැටීමේ ස්වභාවය ගැන හොඳින් දැන සිටි බව ඓතිහාසික වාර්තා හෙළි කරයි. ඔවුන් පාංශු සංරක්ෂණ ක්‍රම දැඩි ලෙස භාවිත කරමින්, සමෝච්ඡ රේඛා ආකාරයෙන් රෝපණය කිරීම් (Contour Planting), සෙවන ආවරණය සහ ක්‍රමවත් ජලාපවහන පද්ධති යොදා ගනිමින් කෝපි සහ පසුව තේ වතු කළමනාකරණය කළේ ඛාදනය වැළැක්වීමට බව පෙනෙන්නට තිබේ. මෙම ක්‍රම මගින් යම් දුරකට බෑවුම් ස්ථාවර කිරීමට උපකාරී වූ නමුත්, නායයෑම් අද වන විටත් අඩි 5,000 සීමාවට පහළින් පවා සිදුවන බව පෙනෙන්නට තිබේ. එබැවින් නාය යාම් සඳහා උන්නතාංශය පමණක් නොව තවත් සාධක ගණනාවක එකතුවක ප්‍රතිඵලයක් මනා ලෙස මතක තබා ගත යුතුව තිබේ.

නායයෑම් පිළිබඳ අධ්‍යයනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධිකාරිය වන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO), මෑත වසරවලදී වඩාත් භයානක තක්සේරු කිහිපයක් ලබා දී තිබේ. ඔවුන්ගේ සොයාගැනීම්වලට අනුව, දැනට රට තුළ නායයෑමේ අධි අවදානම් කලාප ලෙස වර්ගීකරණය කර ඇති ස්ථාන 15,000ක් පමණ පවතී. වාර්තාගත ඉහළම සංඛ්‍යාවලින් එකක් වන මෙය, ගැටලුව කෙතරම් දුරට ව්‍යාප්ත වී ඇත්දැයි අවධාරණය කරයි. මේ වන විට එවැනි ස්ථාන බොහොමයක පවුල් 5000ක් පමණ නැවත පදිංචි වීම් සඳහා අවසර ලබා දී ඇති බව ද පැවසේ. ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පැහැදිලි කරන්නේ මෙම අධි අවදානම් කලාපවල ජීවත් වන පදිංචිකරුවන් වහාම ඉවත් විය යුතු බවත්, එම කලාපවල රැඳී සිටීම හදිසියේ සිදුවන නාය යාම්වල ගොදුරු බවට පත්වන්නට වැඩි ඉඩක් පවතින බවත් ය. ඔවුන් විසින් තම අධ්‍යයනයන්, පරීක්ෂණ සහ හදිසි ප්‍රතිචාර කටයුතු ප්‍රමුඛතා ලැයිස්තුවක් මත පදනම්ව සිදු කරන බවත්, එය ප්‍රාදේශීය ලේකම්වරයා හරහා දිස්ත්‍රික් ලේකම්වරයා දක්වා ඉහළට යන දේශීය පරිපාලන ව්‍යුහයන් හරහා මෙහෙයවන බවත් ඔහු පෙන්වා දෙයි.
මෑතකදී, NBRO ආයතනය විසින් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41ක් සඳහා ‘රතු ඉවත් වීමේ නිවේදන’ නිකුත් කරමින්, එම ප්‍රදේශවල පවුල්වලට වහාම ඉවත්ව යන ලෙස උපදෙස් දෙන ලදී. මීට සමගාමීව, තවත් දිස්ත්‍රික්ක පහක අමතර කොට්ඨාස 31ක් සඳහා දෙවන අදියරේ අනතුරු ඇඟවීම් නිකුත් කරමින්, තත්ත්වයන් නරක අතට හැරුණහොත් සූදානමින් සහ අවදියෙන් සිටින ලෙස පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියේය. මෙවැනි පුළුල් අනතුරු ඇඟවීම් වත්මන් තත්ත්වයෙහි බරපතළ බව අවධාරණය කරන අතර, කඳුකර භූමියේ වර්ධනය වන අස්ථාවරත්වය පිළිබිඹු කරයි. “මේ විදිහට නාය ගියොත් අපට කඳුරටක් නැත්තටම නැතිවේද?” යන්න හුදෙක් බොළඳ හෝ අඥාන පැනයක් නොවන්නේ එබැවිනි.

ශ්‍රී ලංකාවේ සිදුවන නායයෑම් වර්ග පිළිබඳ රජයේ නිසි අවබෝධය මහජන දැනුවත්භාවය සහ ප්‍රතිපත්ති සංවර්ධනය යන දෙකටම අත්‍යවශ්‍ය වේ. රටේ භූ විද්‍යාත්මක ව්‍යුහය, බෑවුම් සහ අධික මෝසම් වර්ෂාව හේතුවෙන් විවිධ ආකාරයේ නායයෑම් අත්දැකීමට සිදුවේ. වඩාත් සුලභ වර්ගයක් වන්නේ ‘Earth Slip’ ලෙස වර්ග කොට ඇති තත්ත්වයයි. මෙහිදී පසෙහි සහ දිරාපත් වූ පාෂාණවල හදිසි චලනයන් සිදු වේ. අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් පස සංතෘප්ත වී, එම ස්ථානයේ පාංශු වලට රැඳී සිටීමට නොහැකි තරම් බර වූ විට මේවා සාමාන්‍යයෙන් සිදු වේ. තවත් නිතර සිදුවන වර්ගයක් වන්නේ ‘Rock Fall’ නමින් හැඳින්වෙන තත්ත්වයයි. මෙහිදී පස්වලට අමතරව ගල් ද පෙරළී යන අතර, විශේෂයෙන් බදුල්ල, නුවරඑළිය සහ කෑගල්ල වැනි දිස්ත්‍රික්කවල, පාෂාණමය කඳු බෑවුම්වලින් අනතුරු ඇඟවීමකින් තොරව විශාල ගල් කුට්ටි මුදා හැරේ. තවත් ඉතාමත් විනාශකාරී ආකාරයක් වන්නේ ‘Debris Flow’ (සුන්බුන් ගලා යාම) නමින් හඳුන්වන තත්ත්වයයි. එහිදී එය ජලය, පස, පාෂාණ කොටස් සහ වෘක්ෂලතාදිය සහිත වේගවත් ධාරාවක් කඳු බෑවුමෙන් පහළට ගලා යාම සිදු වේ. මෙම ගලා ඒම් බොහෝ විට නිවාස යට කර ප්‍රධාන ප්‍රවාහන මාර්ග අවහිර කරයි.
ඊට අමතරව, පෘථිවියේ සහ පාෂාණවල ගැඹුරු ස්ථරවල චලනයන් ඇතුළත් ගැඹුරු නායයෑම් (Deep-Seated Landslides) ද පවතී. මේවා සෙමින් සිදුවන ක්‍රියාවලියක් වුවත්, දීර්ඝ කාලීන වර්ෂාවෙන් පසුව හදිසියේ වේගවත් වී මහා පරිමාණ හානියක් ඇති කළ හැකිය. ‘Cut-Slope Failures’ (කැපුම්-බෑවුම් බිඳ වැටීම්) ද ශ්‍රී ලංකාවේ සංකීර්ණ ගැටලුවක් වන අතර, බොහෝ විට මානව ක්‍රියාකාරකම් නිසා ඇති වන තත්ත්වයකි. මාර්ග ඉදිකිරීම, නිවාස හෝ කෘෂිකර්මාන්තය සඳහා නිසි ඉංජිනේරුමය ආධාරකයකින් තොරව බෑවුම් දැඩි ලෙස කපන විට ඒවා දුර්වල වේ. අවසාන වශයෙන්, ‘Valley-Fill Landslides’ (නිම්න පිරවුම් නායයෑම්) පිළිබඳ සඳහන් කළ හැකිය. මෙහිදී සිදු වන්නේ නිම්නවලට හෝ ජල මාර්ග ඔස්සේ බැහැර කරන පස් සහ සුන්බුන් සංතෘප්ත වූ පසු අස්ථාවර වී කඩා වැටීම ය. මේ නිසා නාය යාම්වලට බලපාන හේතු සහ ඒවා සිදුවන ආකාරය පිළිබඳව වගකිව යුතු නිලධාරීන් මෙන්ම මහජනතාව ද දැනුවත්ව සිටිය යුතු ය. නමුත් වත්මන් ආණ්ඩුව පසුගිය මැතිවරණ සමයේ සොබාදහම සම්බන්ධයෙන් පළ කළ ව්‍යක්ත විශාරද අදහස් ඔවුන්ගේ ප්‍රායෝගික ක්‍රියා කලාපයන් තුළ දක්නට නොමැති වීම ද අතිශය බරපතළ තත්ත්වයකි.
ඒ කෙසේ හෝ අධි අවදානම් ස්ථාන සංඛ්‍යාව වසරින් වසර ඉහළ යත්ම, ශ්‍රී ලංකාව නායයෑම් වැළැක්වීම සඳහා සමස්ත ප්‍රවේශයක් අනුගමනය කළ යුතුය. වඩාත්ම වැදගත් උපාය මාර්ගයක් වන්නේ විශේෂයෙන් දැඩි බෑවුම්වල, ස්වාභාවික වෘක්ෂලතා ආවරණය යථා තත්ත්වයට පත් කිරීම සහ ආරක්ෂා කිරීම ය. ගැඹුරු මුල් සහිත ගස්, පස තදින් අල්ලා බැඳගැනීමට හේතු වන අතර ජලය ගලා යාම අඩු කිරීමට සහ වර්ෂාව සෙමෙන් පොළොවට කාන්දු වීමට ඉඩ සලසයි. එළි පෙහෙළි කර ඇති ඉහළ උන්නතාංශ නැවත වනාන්තරකරණය කිරීමෙන් බෑවුම් ස්ථායිතාව සැලකිය යුතු ලෙස ශක්තිමත් කළ හැකිය. ඒ අතරම, දැනටමත් අනතුරුදායක ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශවල ජනාවාස සහ ඉදිකිරීම් වැළැක්වීම සඳහා දැඩි නීති රෙගුලාසි ක්‍රියාත්මක කළ යුතුය. අවදානම් සහිත කලාපවල ජීවත් වන පවුල් දිගුකාලීන ආරක්ෂාව සහතික කිරීම සඳහා නිසි නිවාස සහ සමාජ සහයෝගය සහිතව නැවත පදිංචි කළ යුතු ය.

ඉංජිනේරුමය විසඳුම් ද මේ සඳහා අත්‍යවශ්‍ය වේ. නිසි ලෙස සැලසුම් කරන ලද රඳවන ව්‍යුහයන් (Retaining Structures), කම්බි දැල් කූඩු හෝ යකඩ දැල් කූඩු තුළට ගල් පුරවා සකස් කරන ලද ආධාරක බිත්ති (Retaining Walls) හෝ වැටවල්වලින් සමන්විත ගේබියන් බිත්ති (Gabion Walls) ඇති කළ යුතුය. ජලාපවහන පද්ධති සහ පස් හෝ පස් කණ්ඩි කඩා වැටීම වැළැක්වීම සඳහා බෑවුම් සහ කැපුම් මුහුණත් ශක්තිමත් කිරීමට භාවිත කරන ඉංජිනේරුමය තාක්ෂණයක් වන Soil Nailing සහ Rock Bolting වැනි බෑවුම් ශක්තිමත් කිරීමේ ක්‍රම මගින් අනාරක්ෂිත සංවර්ධන කලාපවලදී බෑවුම් බිඳ වැටීමේ සම්භාවිතාව අඩු කළ හැකිය. කෙසේ වෙතත්, මේවා අවසරයක් නොමැති අත්තනෝමතික ඉදිකිරීම් මගින් නොව, සුදුසුකම් ලත් වෘත්තිකයන් විසින් ක්‍රියාත්මක කළ යුතු ය. එලෙසම, වැසි ජලය සහ මතුපිට ගලා යාම කළමනාකරණය කිරීම ද ඉතා වැදගත් වේ. කඳුකරයේ බොහෝ නායයෑම් දුර්වල ජලාපවාහනය මගින් ප්‍රේරණය වීම හෝ උග්රවීම සිදු වේ. හොඳින් සැලසුම් කරන ලද සමෝච්ඡ රේඛා ආකාරයෙන් සකසන ලද කාණු, බාධක වේලි සහ පියගැටපෙළ බෑවුම් හරහා අතිරික්ත ජලය හරවා යැවීමෙන් පස් සංතෘප්තිය සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය.
වගකිවයුතු සැලසුම්කරණය, පාරිසරික ප්‍රතිෂ්ඨාපනය සහ ශක්තිමත් පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණ තුළින් ශ්‍රී ලංකාවට නායයෑම්වලින් ඇති වන විනාශය අඩු කිරීමට සහ ඉදිරි පරම්පරාවන් ආරක්ෂා කිරීමට හැකියාව තිබේ. නමුත් මෙහි දී දේශපාලන අධිකාරිය විසින් අදාළ විශේෂඥයන් හට උපදෙස් දීමේ අමනෝඥ ක්‍රියාවලිය වෙනුවට තමන්ට පක්ෂග්රාහී කිහිප දෙනාගෙන් නොව ඒ සම්බන්ධ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ විදවතුන්ගෙන් නිවැරදි උපදෙස් ලබා ගත යුතු ය. නමුත් ඒකාන්ත වශයෙන්ම මෙය පසුගිය “රිළා සංගණනය” මෙන් විකට විකාරාදී මට්ටම ඉක්මවිය යුත්තේ එසේ නොකළ හොත් ඉතා නුදුරේ දීම අතිශය බරපතළ “සමාජමය නායක්” ආණ්ඩුවේ ඉහමතට පතිත වීම නොවැලැක්විය හැකි බැවිනි.
නවීන නිරීක්ෂණ තාක්ෂණය ද ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකිය. නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති තථ්‍ය කාලීන වර්ෂාමාන, පාංශු තෙතමන සංවේදක, බෑවුම් චලන අනාවරක සහ ජංගම අනතුරු ඇඟවීමේ සේවා පුළුල් කිරීම මගින් බලධාරීන්ට වේගයෙන් ප්‍රතිචාර දැක්වීමට සහ ප්‍රජාවන්ට ඉවත් වීමට වැඩි කාලයක් ලබා දීමට උපකාරී වනු ඇත. මීට අමතරව, මහජන අධ්‍යාපනය ද තීරණාත්මක ය. බොහෝ පදිංචිකරුවන් නායයෑම්වල පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා පිළිබඳ දැනුවත් බවක් නොමැත. උදාහරණයක් ලෙස පොළොවේ ඉරිතැලීම් ඇති වීම, දොරවල් හෝ ජනෙල් හදිසියේ සිරවීම, ගස් අසාමාන්‍ය ලෙස ඇලවීම හෝ බෑවුම්වල නව කාන්දු රේඛා ඇතිවීම වැනි දේ සඳහන් කළ හැකිය. හදිසි කණ්ඩායම් පැමිණීමට පෙර මෙම සංඥා හඳුනා ගැනීමට සහ ප්‍රතිචාර දැක්වීමට ප්‍රජාවන්ට පුහුණුව ලබා දීමෙන් ජීවිත බොහොමයක් බේරා ගත හැකිය. එමෙන්ම ඒ සඳහා සුනඛාදී සතුන්ගේ ස්වාභාවික සංජානනයන්හි උපකාර ද ලබා ගත හැක.
අවසාන වශයෙන්, ශ්‍රී ලංකාව දිගුකාලීන ජාතික සැලසුම්කරණයට නායයෑම් අවදානම් තක්සේරුව ඒකාබද්ධ කළ යුතුය. දේශගුණික විපර්යාසයන් වර්ෂාපතන රටා තීව්ර කරමින් සහ ආන්තික කාලගුණයේ සම්භාවිතාව වැඩි කරන බැවින්, ඉඩම් භාවිතය, ජනාවාස සැලසුම්කරණය සහ යටිතල පහසුකම් සංවර්ධනය පාලනය කරන ප්‍රතිපත්ති ඒ අනුව අනුවර්තනය විය යුතු ය. කඳුකරයේ දිග හැරෙන ඛේදවාචකයන්, පාරිසරික කළමනාකරණය, විද්‍යාත්මක මගපෙන්වීම සහ ප්‍රජා දැනුවත්භාවය ආරක්ෂිත අනාගතයක් ගොඩනැගීමට අත්‍යවශ්‍ය බව සිහි තබා ගත යුතු වේ. වගකිවයුතු සැලසුම්කරණය, පාරිසරික ප්‍රතිෂ්ඨාපනය සහ ශක්තිමත් පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණ තුළින් ශ්‍රී ලංකාවට නායයෑම්වලින් ඇති වන විනාශය අඩු කිරීමට සහ ඉදිරි පරම්පරාවන් ආරක්ෂා කිරීමට හැකියාව තිබේ. නමුත් මෙහි දී දේශපාලන අධිකාරිය විසින් අදාළ විශේෂඥයන් හට උපදෙස් දීමේ අමනෝඥ ක්‍රියාවලිය වෙනුවට තමන්ට පක්ෂග්රාහී කිහිප දෙනාගෙන් නොව ඒ සම්බන්ධ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ විදවතුන්ගෙන් නිවැරදි උපදෙස් ලබා ගත යුතු ය. නමුත් ඒකාන්ත වශයෙන්ම මෙය පසුගිය “රිළා සංගණනය” මෙන් විකට විකාරාදී මට්ටම ඉක්මවිය යුත්තේ එසේ නොකළ හොත් ඉතා නුදුරේ දීම අතිශය බරපතළ “සමාජමය නායක්” ආණ්ඩුවේ ඉහමතට පතිත වීම නොවැලැක්විය හැකි බැවිනි.
නිරංජන් චාමින්ද කරුණාතිලක