ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය දකුණු ඇමරිකාවේ ප්‍රධාන රාජ්‍යයක් වන වෙනිසියුලාවට ප්‍රහාරයක් එල්ල කිරීමටත්, එරට වත්මන් පාලනය පෙරළා දැමීමටත් සූදානම් වෙනවා ද යන ප්‍රශ්නය මේ දිනවල ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයේ විශාල අවධානයක් යොමුවන ප්‍රශ්නයක්. දැන් කාලයක සිටම වෙනිසියුලාවේ බලය හොබවන්නේ ඇමරිකානු විරෝධී, සමාජවාදී අදහස් ඇති නායකයන්. මෙයට කලෙකට පෙර එහි ජනාධිපති පදවිය දැරූ හියුගෝ චාවේස් මෙන්ම වර්තමාන ජනාධිපති නිකලස් මජුරෝත් උග්‍ර ඇමරිකානු විරෝධීන්. මේ නිසා එම කලාපය තුළ ඇමරිකාවේ වුවමනාවන්ට වෙනිසියුලාවෙන් යම් අභියෝගයක් එල්ල වෙනවා.
වෙනිසියුලාවේ ආණඩුව පෙරළා දමා ඇමරිකාවට හිතවත් පාලනයක් එහි ස්ථාපිත කර ගැනීමේ වුවමනාව කාලයක සිටම ඇමරිකානු නායකයන් තුළ තිබෙනවා. ට්‍රම්ප් වෙනිසියුලාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙනවාද යන ප්‍රශ්නය මේ දිනවල කරළියට පැමිණ තිබෙන්නේ මෙම පසුබිම තුළ යි.

මේ කාරණය වඩාත් අවධානයට ලක්වන්නට පටන් ගත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඇමරිකානු හමුදා වෙනිසියුලාව ආසන්න මුහුදේ ගමන් කරන ඇතැම් බෝට්ටුවලට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමත් සමග යි. මෙම බෝට්ටු ඇමරිකාව වෙත මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන යාත්‍රා බවයි ඇමරිකාව පැවසුවේ.
ඇමරිකානු හමුදා එල්ල කළ මෙම ගුවන් ප්‍රහාරවලින් මේ වනවිට 90 කට කිට්ටු සංඛ්‍යාවක් මියගොස් ඇති බවත් වාර්තා වෙනවා.

මත් ද්‍රව්‍ය ජාවාරමට එරෙහි මෙහෙයුමක් ලෙස මෙය හැඳින්වුවත් එහි වෙනත් යටි අරමුණු තිබිය හැකි බවට බොහෝ පාර්ශ්ව සැක කරනවා. පසුගිය දිනවල වෙනිසියුලාව ආසන්න කලාපය තුළ හමුදා ශක්තිය තර කිරීමටත් ඇමරිකාව පියවර ගත්තා. මේ වනවිට ලෝකයේ ලොකුම යුද නෞකාවක් වන ජෙරාඩ් ආර්. ෆෝඩ් නෞකාවත් මේ කලාපයේ ස්ථානගත කර ඇති බව වාර්තා වෙනවා. ඊට අමතරව තවත් යුද නැව් කිහිපයක්මත්, න්‍යෂ්ටික සබ්මැරීනයකුත් මේ කලාපය වෙත යවා ඇති බව සඳහන්.
අවශ්‍යතාවක් ඇති වුවහොත් දහස් ගණනක් හමුදා සෙබළුන් වෙනිසියුලාවට ගොඩ බැස්සවිය හැකි විශේෂ යාත්‍රා ද මේ අතර තිබෙන බව මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. වෙනිසියුලා වෙරළට සැතපුම් 15 ක් තරම් ආසන්නයේ පවා ඇතැම් යුද නැව් ගමන් කරමින් තිබූ බව සඳහන්.
මේ අතර යුද ගුවන් යානා විශාල සංඛ්‍යාවක් එම කලාපයේ ගුවන් කඳවුරුවල ස්ථානගත කර ඇතැයි ද පැවසෙනවා.
ඇමරිකාවේ මෙම ආක්‍රමණශීලී හැසිරීම වඩාත් කුළුගැන්වූ සිද්ධියක් පසුගිය බදාදාත් වාර්තා වුණා. එනම් වෙනිසියුලාවට ආසන්න මුහුදේ දී වෙනිසියුලානු බොර තෙල් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් ඇමරිකනු හමුදා විසින් ඔවුන්ගේ භාරයට ගනු ලැබීම යි. “ස්කිපර්” (Skipper) නැමැති මෙම නෞකාව කියුබාව බලා ගමන් කරමින් තිබූ එකක් බවයි සඳහන් වුණේ. කියුබාවෙන් පසු එය ආසියාව බලා යාත්‍රා කිරීමට නියමිතව තිබූ බවත් වාර්තා වුණා.
ඇමරිකානු භටයින් හෙලිකොප්ටරවලින් පැමිණ ස්කිපර් නෞකාවට ගොඩ බසින ආකාරයත්, තුවක්කු අතැතිව නෞකාව තුළ ගමන් කරන ආකාරයත් දැක්වෙන විඩියෝවක් ද පළ වී තිබුණා.

ස්කිපර් නෞකාව නීති විරෝධී ආකාරයෙන් තෙල් ප්‍රවාහනය කිරීමේ ජාලයකට අයත් නෞකාවක් බවයි ඇමරිකානු නිලධාරීන් ප්‍රකාශ කරන්නේ. එමෙන්ම මෙම ජාලය විදේශීය ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහය දක්වන ජාලයක් බව ඇමරිකානු නීතිපති පෑම් බොන්දි සඳහන් කර තිබුණා. මෙම නෞකාවට එරෙහිව පසුගිය කාලයේ ඇමරිකාව සම්බාධක පනවා තිබූ බවත් සඳහන්.
කෙසේ හෝ වේවා නෞකාවේ සිද්ධියත් සමග ඇමරිකාව සහ වෙනිසියුලාව අතර ආතතිය තවදුරටත් උණුසුම් වෙමින් තිබෙනු දැකගත හැකියි. වෙනිසියුලා රජය ප්‍රකාශයක් කරමින් පවසා තිබුණේ මෙය හොරකමක් සහ ජාත්‍යන්තර මුහුදු කොල්ලකෑමක් බව යි. මෙයට එරෙහිව අදාල ජාත්‍යන්තර ආයතන වෙත පැමිණිලි කරන බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.
ඇමරිකාව වෙනිසියුලා ජනාධිපති නිකලස් මධුරෝ බලයෙන් පහ කිරීමට උත්සාහ කරන බව තම විශ්වාසය යයි ද වෙනිසියුලා රජය ප්‍රකාශ කරනවා.

යම් විදියකින් ඇමරිකාව වෙනිසියුලාව ආක්‍රමණය කළහොත් එයට මුහුණ දීම සඳහා වෙනිසියුලාවත් සූදානම් වෙමින් සිටින බවට පසුගිය දිනවල තොරතුරු වාර්තා වුණා. සිය හමුදා සෙබළුන්, යුද නැව් සහ යුද ගුවන් යානා වෙරළාසන්නයේ සහ දේශ සීමා ආසන්නයේ ස්ථානගත කර ඇති බව වෙනිසියුලා රජය ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම ඇමරිකාව සමග යුද්ධයක දී සම්මත යුද උපක්‍රමවලට වඩා ගරිල්ලා උපක්‍රම යොදා ගැනීමටත් වෙනිසියුලාව බලාපොරොත්තු වන බව වාර්තා වෙනවා. ඇමරිකානු යුද ශක්තිය හමුවේ සම්මත සටන් ක්‍රම සාර්ථක කර ගැනීමට අපහසු වීම ඊට හේතුව යි.

ඇමරිකානු ආක්‍රමණයක් සිදුවුවහොත් රුසියාව, චීනය වැනි වෙනිසියුලාවේ මිත්‍ර රටවල් කවරාකාරයෙන් ක්‍රියා කරනු ඇත් ද යන්නත් කුතුහලය දනවන කාරණයක්.
ඇමරිකාව වෙනිසියුලාවට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීම ඇමරිකානු වැසියන් වැඩි දෙනෙකු අනුමත නොකරන බව පසුගිය දිනවල කරන ලද ජනමත සමීක්ෂණවලින් අනාවරණය වී තිබුණා.
නිහාල් පීරිස්