ජපානයේ ප්‍රබල භූකම්පනයක්

ජපානයේ ඊසානදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවක් අද (12) පෙරවරුවේ ඇතිව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෝරි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් එරට වේලාවෙන් පෙ.ව. 11:44 පමණ කිලෝමීටර 20ක් (සැතපුම් 12) ගැඹුරකින් මෙය සිදුව ඇති බවයි.සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරමින් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය දන්වා ඇත්තේ, මේ හේතුවෙන් මුහුදු රළ මීටර් 1 (අඟල් 39)ක් දක්වා ඉහළ යා හැකි බවය.

පසුගිය සඳුදා ද එම කලාපයේ රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිවිය.

කාලීන පුවත්