
අප රටේ ස්වාභාවික විපත් සම්බන්ධ ඉතිහාසයට තවත් අඳුරු පරිච්ඡේදයක් එක් කරමින්, ඉකුත් නොවැම්බර් මස අවසානයේ අප රටට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව මත පදනම් වූ ස්වාභාවික ආපදාවේ වේදනාත්මක මතකයන් තවමත් අප ජන සමාජයෙන් මුළුමනින් ගිලිහී නැත. එමෙන්ම ඒ සම්බන්ධයෙන් පැනනැඟුණු සමාජ කතිකාවේ ප්‍රධාන තැනක් හිමි වූයේ එම සුළි කුණාටුව සම්බන්ධ විධිමත් කාලගුණික අනතුරු ඇඟවීමක් නොලැබුණු බවට රජයේ වගකිව යුතු පාර්ශ්වයන් පවසා සිටීම ය. නමුත් සුළි කුණාටුව නම් වන කාලගුණික සංසිද්ධියක් හටගැනීම ඉතා සීමිත පැය හෝ දින ගණනක් තුළ සිදුවන්නක් බැවින්, ඊට දින හෝ සති ගණනකට පෙර ඒ සම්බන්ධ නිශ්චිත අනතුරු ඇඟවීම් කළ නොහැකි බව විද්වත් මතයයි. නමුත් එවන් අනතුරුදායක සංසිද්ධියක් හටගැනීමේ අවදානම සම්බන්ධ අනතුරු ඇඟවීම් අප රටේ මෙන්ම ඉන්දියානු කාලගුණ බලධාරීන් විසින් සිදු කොට තිබූ බව පසුව අනාවරණය විය.
නිරයන හා සායන වශයෙන් හඳුන්වන සිද්ධාන්ත මත පදනම් වන ජ්‍යොතිෂවේදීහු තවමත් වසර දහස් ගණනක් පැරණි පෘථිවි කේන්ද්‍රීය සිද්ධාන්තය පදනම් කර ගනිති. නමුත් සූර්යයා පෘථිවිය වටා භ්‍රමණය වන බවට සඳහන් එම සිද්ධාන්ත ඊට පසුව බිහි වූ තාරකා විද්‍යාව (Astronomy) මඟින් මුළුමනින් ප්‍රතික්ෂේප විය. පැරණි ජ්‍යොතිෂයේ දී යුරේනස්, නෙප්චූන් සහ ප්ලූටෝ වැනි ග්‍රහයන් සැලකිල්ලට නොගැනීම ද මීට හේතු වී තිබේ.නමුත් ජ්‍යොතිෂය හා සම්බන්ධ පුළුල් හා ප්‍රබල සංස්කෘතික, දාර්ශනික පසුබිම අනුව එම විද්‍යාත්මක සොයාගැනීම්වල පමණක් එල්බ සිටින්නට මානව විද්‍යා විෂය හා සම්බන්ධ වූවන් ලෙස අපට නොපුළුවන. අප එසේ පවසනුයේ ඉහත සඳහන් පාර්ශවයන් මත පදනම් වන සාක්ෂි ද අප හමුවේ ගොනු වන බැවිනි. අතීතයට සාපේක්ෂව පෘථිවියේ දේශගුණය සහ පරිසරය මේ වන විට දැඩි ලෙස වෙනස් වී ඇති බවත්, පැරණි පොත්වල ඇති ග්‍රහ පිහිටීම් අද පවතින ගෝලීය උණුසුම වැනි තත්ත්වයන් මත පදනම් වන ස්වාභාවික ආපදා සමඟ සැසඳීමේදී ගැටලු මතු විය හැකි බවත් ඉන් එක් මතයකි.

එහෙත්, ඒ අතරේ දිට්වා සුළි කුණාටුව හා සම්බන්ධ පූර්ව අනාවැකි පළ කිරීමට මේ වන විට අප රටේ ජනප්‍රිය සංස්කෘතිකාංගයක් සේම සුවිසල් මූල්‍ය සංසරණ ව්‍යුහයක් ද වන ජ්‍යොතිෂයට නොහැකි වූයේ මන් ද? යන ප්රශ්නය තවමත් සමාජයේ නිතර කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ. මානව විද්‍යාත්මක වශයෙන් ඒ සම්බන්ධ විමසුම් කිරීමේදී විද්‍යාත්මක, සංස්කෘතික, දාර්ශනික සහ තාර්කික යන සිව් මානයන්ගෙන්ම විමසුමට ලක් කළ යුතු වේ. මක්නිසා ද යත්, ඒ සම්බන්ධයෙන් ඒකපාර්ශ්වීය ලෙස කරුණු ඉදිරිපත් කිරීමේ දී එය මානව විද්‍යාත්මක තත්‍ය නිරූපණයක් නොවිය හැකි බැවිනි.
නිරයන හා සායන වශයෙන් හඳුන්වන සිද්ධාන්ත මත පදනම් වන ජ්‍යොතිෂවේදීහු තවමත් වසර දහස් ගණනක් පැරණි පෘථිවි කේන්ද්‍රීය සිද්ධාන්තය පදනම් කර ගනිති. නමුත් සූර්යයා පෘථිවිය වටා භ්‍රමණය වන බවට සඳහන් එම සිද්ධාන්ත ඊට පසුව බිහි වූ තාරකා විද්‍යාව (Astronomy) මඟින් මුළුමනින් ප්‍රතික්ෂේප විය. පැරණි ජ්‍යොතිෂයේ දී යුරේනස්, නෙප්චූන් සහ ප්ලූටෝ වැනි ග්‍රහයන් සැලකිල්ලට නොගැනීම ද මීට හේතු වී තිබේ.
නමුත් ජ්‍යොතිෂය හා සම්බන්ධ පුළුල් හා ප්‍රබල සංස්කෘතික, දාර්ශනික පසුබිම අනුව එම විද්‍යාත්මක සොයාගැනීම්වල පමණක් එල්බ සිටින්නට මානව විද්‍යා විෂය හා සම්බන්ධ වූවන් ලෙස අපට නොපුළුවන. අප එසේ පවසනුයේ ඉහත සඳහන් පාර්ශවයන් මත පදනම් වන සාක්ෂි ද අප හමුවේ ගොනු වන බැවිනි. අතීතයට සාපේක්ෂව පෘථිවියේ දේශගුණය සහ පරිසරය මේ වන විට දැඩි ලෙස වෙනස් වී ඇති බවත්, පැරණි පොත්වල ඇති ග්‍රහ පිහිටීම් අද පවතින ගෝලීය උණුසුම වැනි තත්ත්වයන් මත පදනම් වන ස්වාභාවික ආපදා සමඟ සැසඳීමේදී ගැටලු මතු විය හැකි බවත් ඉන් එක් මතයකි.
ජ්‍යොතිෂයේ එන ග්‍රහ වස්තුවල පිහිටීම සහ එම දත්තවල නිරවද්‍යතාව හා අර්ථ නිරූපණ විවිධ වන අතර එම ස්ථානීය විස්තර ඉඳුරාම නිවැරදි නොවන අතර එකම ග්‍රහ පිහිටීම විවිධ ජ්‍යොතිෂ සම්ප්‍රදායන් විවිධ ආකාරයට අර්ථ දක්වන බවටත් විද්වත් මතයක් තිබේ. මෙය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු සිංහල මහාචාර්යවරයකු සේම පෙරදිග භාෂා ශාස්ත්‍ර විශාරදයකු වූ සම්මානිත මහාචාර්ය විමල් බලගල්ලේ සූරීන් ඉදිරිපත් කළ තර්කයකි. ඒ අනුව බොහෝ ජ්‍යොතිෂවේදීන් “වැසි අධික විය හැක”, “ජල ගැලීම් ඇති විය හැක”, “විපත් සිදු විය හැක” වැනි පොදු කරුණු ඉදිරිපත් කරන බව ද එතුමෝ පෙන්වා දුන්හ. ඒ අනුව සුළි කුණාටුවක්, සාගර කැළඹීමක් හෝ ගංවතුරක් වැනි ස්වාභාවික ආපදා ඇති වන නිශ්චිත වේලාව, ස්ථානය සහ වේගය ගණනය කිරීමට තරම් සියුම් කාල නිර්ණ දත්ත පද්ධතියක් ජ්‍යොතිෂය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම මීට ප්‍රධාන හේතුව බව ද එතුමන්ගේ මතය වී තිබේ. ඉහත සඳහන් මතවාදයට ඉතා සමානුරූපී මතයක් අප රටේ විසූ විශිෂ්ටතම ජ්‍යොතිෂ පඬිරුවනක් වූ ලංකා ග්රහස්ෆුට පංචාංග ලිතේ නිර්මාතෘ සේම සමාරම්භක කර්තෘ එස්.ඩබ්ලියු. කස්තුරිරත්න සූරීන් ද දක්වා තිබේ.

ජ්‍යොතිෂය පදනම් වන්නේ ග්‍රහලෝකවල පිහිටීම සම්බන්ධ සාපේක්ෂතාව මත වන අතර, කාලගුණ විද්‍යාව චන්ද්‍රිකා තාක්ෂණය පදනම්ව වායුගෝලීය පීඩනය සහ සාගර උෂ්ණත්වය වැනි භෞතික දත්ත මත ස්ථාපිතව තිබේ. ඒ අනුව ස්වාභාවික ආපදාවක් යනු භෞතික පරිසරයේ සිදුවන ක්ෂණික වෙනසක් මිස පෘථිවියෙන් බැහැර ග්‍රහලෝකවල ගමන් මඟ මත තීරණය වන්නක් නොවන බව විද්‍යාත්මක මතයයි. එමෙන්ම ඕනෑම විෂයක සීමාවන් පවතින අතර විශේෂයෙන්ම දේශගුණික විපර්යාස වැනි සංකීර්ණ දෑ හඳුනා ගැනීමට ජ්‍යොතිෂයට වඩා කාලගුණ විද්‍යාව වැනි විද්‍යාත්මක ක්‍රමවේද සාර්ථක බව සනාථ වී ඇත.
සමහර අවස්ථාවලදී ජ්‍යොතිෂවේදීන් ඉදිරිපත් කරන අනාවැකිවලින් ස්වාභාවික විපත් පිළිබඳව පොදු වශයෙන් සඳහන් වුව ද, ජනතාව ඒවා කෙරෙහි අවධානය යොමු කරන්නේ විපත්තිය සිදු වූ පසුව ය. 2004 සුනාමි ව්‍යසනයට දින කිහිපයකට පෙර එවකට අප රටේ ජනප්‍රියව තිබූ, තමන් කී දෙයක් නොවරදින බව තේමාව ලෙස ඉදිරිපත් කළ ව්‍යාපාරික පදනමකින් යුතු පුවත්පතක මුල් පිටුවේම “ස්වාභාවික විපත් දැන් නිමයි” යනුවෙන් ලොකු අකුරින්ම සඳහන්ව තිබිණි. නමුදු එවන් වැරදුණු අනාවැකි අතහැර නිවැරදි වූ අනාවැකි පමණක් සමාජගත වීම නිසා ව්‍යවහාරික ජ්‍යොතිෂයේ සැබෑ වපසරිය අපට පැහැදිලිව දැක ගත නොහැක. නමුත් ජ්‍යොතිෂයට නොපෙනෙන හෝ හඳුනා ගැනීමට අපහසු ප්‍රධාන සංසිද්ධීන් අතරට ක්ෂණික ස්වාභාවික විපත් ද එක් කර ගත යුතු බව සංඛ්‍යාත්මක අර්ථ දැක්වීම් (Statistical Significance) මඟින් පවා තහවුරු වී තිබේ.

මහා පරිමාණ භූමිකම්පා, සුළි කුණාටු, නායයෑම්, අකුණු ගැසීම් හෝ හදිසි ගංවතුර වැනි නිශ්චිත භූගෝලීය කලාපයකට සීමා වූ විපත් ජ්‍යොතිෂයෙන් හඳුනා ගැනීම කළ නොහැකි බවත්, ඊට හේතුව මුළු පෘථිවියටම පොදුවේ බලපාන ග්‍රහලෝකවල බලපෑම මඟින් එක් ප්‍රදේශයකට පමණක් සිදුවන දෙයක් වෙන්කර හඳුනා ගැනීම සම්බන්ධ අසීරුතාව බවත් ඒ සම්බන්ධ දාර්ශනික මතයකි. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම ඌව ආදී පළාත් ආශ්‍රිතව පැවසෙන සෘජු කාලගුණ විද්‍යාත්මක අනාවැකි ජ්‍යොතිෂය මඟින් පළ නොවන්නේ එබැවිනි. නමුත් අද වන විට ඉතා සරල හා බොළඳ ස්වභාවයක් පළ කරන ව්‍යවහාරික ජ්‍යොතිෂයට අනුව මෙලොව සිදුවන සෑම සංසිද්ධියක්ම අතැඹුලක් සේ ජ්‍යොතිෂයට ගොනු කර ගත හැක. එය විද්‍යාවේ සේම ජ්‍යොතිෂයේ ද මූලික සිද්ධාන්ත පවා ඉක්මවන්නකි. ජ්‍යොතිෂය මුල් කොට ගත් මෙම දුර්මත සමාජය පුරා පැතිර යාමට ජ්‍යොතිෂවේදීන් නමින් ජන මාධ්‍යවලින්, විශේෂයෙන් රූපවාහිනී මාධ්‍යයෙන් පෙනී සිටි වාචාලයන්ගේ විවිධ නන් දෙඩවීම් ද හේතු වී ඇත.
ජ්‍යොතිෂය මඟින් පුද්ගල, ප්‍රජා, සමාජ හෝ භෞතික වශයෙන් ලෝකයේ යම් යම් ප්රවණතා ගැන අදහස් දැක්වුව ද, එම විෂය පථයට හසු කරගත නොහැකි හෝ නිවැරදිව අනාවැකි පළ කළ නොහැකි සිදුවීම් පරාසයක් පවතින බව විද්වත්හු පෙන්වා දෙති. ජ්‍යොතිෂයේ දාර්ශනික පදනම සම්බන්ධ ගැඹුරු හැදෑරීමක් සිදු කොට ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ හිටපු මහාචාර්ය ගුණපාල ධර්මසිරි විද්වතාණන් පවසනුයේ, ජ්‍යොතිෂය මඟින් එලෙස පුද්ගල, ග්‍රාම, ප්‍රදේශ ආදිය සම්බන්ධ කේවල හෙවත් හුදු විශ්ලේෂණයක් කොට නිරවද්‍ය ප්‍රතිඵල ලැබිය නොහැකි බවකි. නිදසුනක් ලෙස, එකම දිනයක, එකම වේලාවක, එකම ස්ථානයක උපදින දරුවන් දෙදෙනෙකුට හිමිවන්නේ එකම කේන්ද්‍ර සටහනකි. නමුත් ඔවුන්ගේ ජීවිත ගමන් මඟ, රැකියාව සහ මරණය සිදුවන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකිය. මෙය ජ්‍යොතිෂයෙන් පැහැදිලි කිරීමට අපහසු ය. අප සමාජයේ ජන විශ්වාස සම්බන්ධ ගවේෂකයකු වන මාධ්‍යවේදී තිලක් සේනාසිංහයන් විසින් සම්පාදනය කරන ලද “ජනකාන්ත මිථ්‍යා මත” ග්‍රන්ථයේ එලෙස එකම දිනයක, එකම වේලාවක, එකම රෝහලක, එකම සූතිකාගාරයේ උපත ලබා විසි වයස ඉක්මවූ, එකම ජන්ම පත්‍රයක් හිමි යුවතියන් දෙදෙනකුගේ ජීවන රටා වෙනස් වී ඇති අන්දම පිළිබඳ කදිම විග්‍රහයක් ඉදිරිපත් කොට තිබිණි.

එමෙන්ම මිනිසෙකු තම බුද්ධිය භාවිත කර ගන්නා තීරණ නිසා දෛවය වෙනස් වන අන්දම සම්බන්ධ පිළිගැනීමක් පරිණත ජ්‍යොතිෂවේදීන් තුළ තිබේ. එහි අනෙක් පැත්ත ද එසේම ය. ඔවුන් පවසන අන්දමට කේන්ද්‍රයේ ඉතා හොඳ රජයෝග තිබුණ ද, පුද්ගලයෙකු කිසිදු උත්සාහයක් නොගෙන නිවසට වී සිටියහොත් එම යෝගය ඵල දෙන්නේ නැත. මිනිස් උත්සාහය සහ කැපවීම මත සිදුවන වෙනස්කම් ග්‍රහචාරයට නතු කරගත නොහැක. ජ්‍යොතිෂය යනු සම්භාවිතාව පිළිබඳ රීතිය (Theory of Probability) මත පදනම් වූ විෂයක් මිස නිරවද්‍ය විද්‍යාවක් (Exact Science) නොවන බව මෙයින් පැහැදිලි වේ. නමුත් එහි දිගුකාලීන පැවැත්ම හා නූතන විද්‍යා තාක්ෂණය හමුවේ පවා පසු නොබෑම ආදී කරුණු මත, මානව විද්‍යාඥයන් හට එය අගනා විෂය පථයක් බව ද කිව යුතුම ය.
මා විශ්වාස කරන අන්දමට ජ්‍යොතිෂය වත්මන් සමාජයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් පළ කරන්නේ මධ්‍යම පාන්තික අනාගතය පිළිබඳ අවිනිශ්චිත බව ද හේතුවෙනි. මෙම අවිනිශ්චිතතාවයට බලපාන සමාජ ආර්ථික සාධක කිහිපයක් හඳුනාගත හැකිය. මධ්‍යම පාන්තිකයන් බොහෝ විට ස්ථාවර මාසික වැටුපක් මත යැපෙන්නෝ වෙති. භාණ්ඩ හා සේවා මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියද ඒ හා සමානව ආදායම් වැඩි නොවීම නිසා ඔවුන්ගේ තාත්වික ආදායම (Real Income) පහත වැටී ඇත. එය අධික උද්ධමනය හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ ඉතිරි කරගත් මුදල්වල වටිනාකම අඩුවීම අනාගත ආරක්ෂාව පිළිබඳ බියක් සේම මානසික ආතතියක් ද ඇති කරන්නකි. නවීන ලෝකයේ රැකියා වෙළෙඳපොළ වේගයෙන් වෙනස් වෙමින් පවතී. කෘත්‍රිම බුද්ධිය හරහා බොහෝ ශ්‍රම විභජනයන් AI මඟින් අතික්‍රමණය කිරීමේ තර්ජනයක් පැන නැඟී තිබේ. ඒ අනුව වේගයෙන් වෙනස් වන තාක්ෂණයට අනුගත වීමට නොහැකි වුවහොත් සමාජයේ යම් පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමක් පවතී. එවන් අවදානම් සහගත තත්වයන් යටතේ පවා අතීත වැඩවසම් හා සරල කෘෂිකාර්මික සමාජවල ප්‍රභූත්වයට පමණක් හිමිව තිබූ සමාජ තත්ත්වය (Social Status) මේ වන විට සමාජය පුරා විසිරණය වී ඇති අතර, මධ්‍යම පන්තිය නිරන්තරයෙන් තම සමාජ තත්ත්වය පවත්වා ගැනීමට උත්සාහ කරයි.

ඒ අනුව දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීම සඳහා වැයවන අධික පිරිවැය පවා පවුලේ මූල්‍ය ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කරයි. එමෙන්ම අතීත සමාජයේ සේම බෞද්ධ, කිතුණු, හින්දු, ඉස්ලාම් ආදී සෑම ආගමකින්ම හෙළා දැක ඇති ආටෝපය (Vanity) වත්මන් සමාජ පුරුෂාර්ථයක් බවට පත්ව තිබේ. ඒ අනුව ජීවිතයක තිබිය යුතු අරමුණු අපේක්ෂා ඉක්මවා “සිහින” ඉස්මතු කර ගැනීම නිසා මූල්‍යමය වශයෙන් අසරණ වන බොහොමයක් අද ජීවත් වනුයේ දැඩි මානසික ආතතියකිනි. ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වීම මානසික ආතතියට ප්‍රධාන හේතුවකි.
මේ සියලු සමාජ ආර්ථික අර්බුදයන් යටතේ බොහෝ දෙනකුගේ සිහිනය වනුයේ විදේශ සේවා නියුක්තියක් මඟින් හෝ විදේශයක පදිංචියට යාම මඟින් ඔවුන් ගේම වචන වලින් කිවහොත් “වෙන රටකට පැන ගැනීම” ය. එම තත්ත්වයන් මත වත්මන් සමාජය පුරා ව්‍යාප්ත වී ඇති අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව පිටුදැකීම සම්බන්ධයෙන් යථාර්ථවාදී විසඳුම් නොමැති වීම මත ඒ සඳහා ගුප්ත උපායමාර්ග සෙවීමේ සුවිසල් සමාජමය නැඹුරුවක් පළ වෙමින් තිබේ. විද්‍යාත්මක, සංස්කෘතික, දාර්ශනික සහ තාර්කික පසුතලයන් පසෙක තිබිය දී ජ්‍යොතිෂයට අනුගත වීම වර්තමානයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් පළ කරන මධ්‍යම පාන්තික සමාජ විලාසිතාවක් වී ඇත්තේ එනිසා ය.
නොමිලේ ලැබෙන සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා සම්බන්ධයෙන් පැන නැඟී ඇති අර්බුදකාරී තත්ත්වයන් නිසා එහි ගුණාත්මකභාවය පහළ යාම මත, පෞද්ගලික අංශයේ සේවාවන් ලබා ගැනීමට මධ්‍යම පාන්තිකයන්ට සිදු වීම ඔවුන්ගේ ඉවත දැමිය හැකි ආදායම (Disposable Income) තවදුරටත් අවම කරයි. ඒ අනුව තමන් ද අනාගතයේ අප රටෙන් බිහිවන නව දිළිඳු පන්තියකට ඇද වැටේ ද යන භීතිකාව මේ වන විට සමාජය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ.
මේ සියලු සමාජ ආර්ථික අර්බුදයන් යටතේ බොහෝ දෙනකුගේ සිහිනය වනුයේ විදේශ සේවා නියුක්තියක් මඟින් හෝ විදේශයක පදිංචියට යාම මඟින් ඔවුන් ගේම වචන වලින් කිවහොත් “වෙන රටකට පැන ගැනීම” ය. එම තත්ත්වයන් මත වත්මන් සමාජය පුරා ව්‍යාප්ත වී ඇති අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව පිටුදැකීම සම්බන්ධයෙන් යථාර්ථවාදී විසඳුම් නොමැති වීම මත ඒ සඳහා ගුප්ත උපායමාර්ග සෙවීමේ සුවිසල් සමාජමය නැඹුරුවක් පළ වෙමින් තිබේ. විද්‍යාත්මක, සංස්කෘතික, දාර්ශනික සහ තාර්කික පසුතලයන් පසෙක තිබිය දී ජ්‍යොතිෂයට අනුගත වීම වර්තමානයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් පළ කරන මධ්‍යම පාන්තික සමාජ විලාසිතාවක් වී ඇත්තේ එනිසා ය.
හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර