2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිල වශයෙන් නිවේදනය කරනලදි.
ඒ අනුව බංග්ලාදේශය වෙනුවට කැඳවා ඇත්තේ ස්කොට්ලන්තයයි. අනතුරුව ආරක්ෂක හේතූන් මත බව පවසමින් බංග්ලාදේශය මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කරනලදි.
ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ ඉන්දියාවෙන් පිටත වෙනත් රටකදී තමන්ට ඊට සහභාගී වීමට අවසර දෙන ලෙසයි.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මණ්ඩල සාමාජිකයන් අතර පැවැති සාකච්ඡාවකින් සහ ඡන්ද විමසීමකින් අනතුරුව, එම ආයතනය බංග්ලාදේශයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.
ඊට ප්‍රතිචාර ලෙස බංග්ලාදේශය පැවසුවේ, ඉන්දියාවේදී තරග නොකිරීමේ තම ස්ථාවරයේද වෙනසක් නොමැති බවයි.
ඒ අනුව, 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ නියමිත කාල සටහනට අනුව සහභාගී වීම බංග්ලාදේශය ප්‍රතික්ෂේප කර ඇති බැවින්, ශ්‍රේණිගතකිරීම් සලකා බලමින් ස්කොට්ලන්තයට එම අවස්ථාව ලබා දෙන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කරනලදි.