
ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) නිල වශයෙන් ඉවත් වී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වූ වහාම නිකුත් කළ විධායක නියෝගයකට අනුව, වසරක නීතිමය ක්‍රියාවලියකින් පසු මෙම ඉවත් වීම පසුගිය බ්‍රහස්පතින්දා (22) සිට බලාත්මක විය. මෙය ගෝලීය සෞඛ්‍ය සුරක්ෂිතතාව දැඩි අවදානමකට හෙළන්නකි.
මෙම තත්ත්වය යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අයවැයෙන් 18%ක් අහිමි වීමේ සහ කාර්ය මණ්ඩලයේ 2,300කට රැකියා අහිමි වීමේ තර්ජනයක් පවතී. එමෙන්ම අවම සෞඛ්‍ය පහසුකම් සහිත අප්‍රිකානු කලාපයේ රෝග මර්දන වැඩසටහන් බරපතළ අර්බුදයට පත් වනු ඇත. ඒ අතරේ 2024 සහ 2025 වර්ෂ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 260ක හිඟ මුදල් ගෙවීම ද ඇමෙරිකාව ප්‍රතික්ෂේප කර ඇත.
මෙම ඉවත් වීම සම්බන්ධයෙන් ඇමෙරිකානු සෞඛ්‍ය ලේකම් රොබර්ට් කෙනඩි සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇත්තේ, කොවිඩ්-19 වසංගතය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය අසාර්ථක වූ බවයි. ඇමෙරිකාවේ ස්වෛරීභාවයට හා ජාතික අවශ්‍යතාවලට එරෙහිව එම සංවිධානය ක්‍රියා කළ බවට ද ඔවුහු චෝදනා කරති. විශේෂයෙන් මුහුණු ආවරණ පැළඳීම සහ එන්නත් ලබා ගැනීම වැනි බලකිරීම් හරහා ඇමෙරිකානු ආර්ථිකයට හානි සිදු වූ බව සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
මෙම ඉවත් වීම සම්බන්ධයෙන් ඇමෙරිකානු සෞඛ්‍ය ලේකම් රොබර්ට් කෙනඩි සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇත්තේ, කොවිඩ්-19 වසංගතය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය අසාර්ථක වූ බවයි. ඇමෙරිකාවේ ස්වෛරීභාවයට හා ජාතික අවශ්‍යතාවලට එරෙහිව එම සංවිධානය ක්‍රියා කළ බවට ද ඔවුහු චෝදනා කරති. විශේෂයෙන් මුහුණු ආවරණ පැළඳීම සහ එන්නත් ලබා ගැනීම වැනි බලකිරීම් හරහා ඇමෙරිකානු ආර්ථිකයට හානි සිදු වූ බව සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ දේශපාලන බලපෑම්වලට යටත්ව චීනයේ “බළල් අතක් සේ” කටයුතු කරන බව ඇමෙරිකාවේ ප්‍රධාන චෝදනාවකි. සංවිධානය තුළ අවශ්‍ය විනිවිදභාවය සහ වගවීම ඇති කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වීම ද ඉන් ඉවත් වීමට හේතුවක් බව ඇමෙරිකානු සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇදනොම් ගෙබ්‍රෙයිසස් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි. ඇමෙරිකාව දක්වන හේතු පදනම් විරහිත හා අසත්‍ය බව ඔහු කියා සිටියි. ඇමෙරිකාවේ මෙම තීරණය හේතුවෙන් ලෝකයම අවම ආරක්ෂිත මට්ටමකට පත්වන බව ද ඔහු අවධාරණය කරයි. ඉකුත් කොවිඩ්-19 වසංගතය හමුවේ සංවිධානය විනිවිදභාවයෙන් කටයුතු කළ බවත්, කිසිදු රටකට විශේෂ හෝ අමුතු නීති පැනවීමක් සිදු නොකළ බවත් ඔහු පෙන්වා දී තිබේ.
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහා හිමි වන ඇමෙරිකානු අරමුදල් අහිමි වීම සෞඛ්‍ය අතින් දුර්වල අප්‍රිකානු කලාපයට මරු පහරක් වනු ඇතැයි විචාරකයෝ පවසති. විශේෂයෙන් HIV/AIDS, ක්ෂය රෝගය, පෝලියෝ සහ මැලේරියාව මර්දනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඔස්සේ ඇමෙරිකාව ලබා දුන් සක්‍රීය දායකත්වය නතර වීමෙන් එම රටවල සෞඛ්‍ය ප්‍රගතිය යළි නංවාලිය නොහැකි අන්දමින් බිඳ වැටීමේ අවදානමක් හටගන්නා බව ඔවුන්ගේ අදහසයි.

ඇමෙරිකාව ගෙන ඇති මෙම තීරණය හුදෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමක් පමණක් නොවේ. එය ට්‍රම්ප් පරිපාලනය විසින් ජාත්‍යන්තර සංවිධාන 66කින් ඉවත් වීමට ගත් පුළුල් තීරණයක එක් කොටසකි. මීට පෙර මානව හිමිකම් කවුන්සිලය, යුනෙස්කෝව (UNESCO) සහ පැරිස් දේශගුණික ගිවිසුමෙන් ද ඉවත් වීමට ඇමෙරිකාව පියවර ගෙන තිබිණි. මින් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා වැඩ කරනවා වෙනුවට, සෞඛ්‍ය කටයුතු සඳහා අනෙකුත් රටවල් සමඟ සෘජු (Bilateral) ගිවිසුම් ඇති කර ගැනීමට ඇමෙරිකාව තීරණය කර ඇත. නමුත් එය ගෝලීය යාන්ත්‍රණයක් නොවන බව පෙනෙයි.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකයන් ද එළඹෙන පෙබරවාරි මාසයේදී රැස් වී ඇමෙරිකාව නොමැතිව ඉදිරි ගමන සැලසුම් කිරීමට සහ නව අනුග්රාහකයන් සොයා ගැනීමට සාකච්ඡා කිරීමට නියමිතය. නමුත් ඒ අතරේ ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඇමෙරිකාවේ මෙම ඉවත් වීම නිසා ලෝකයම අනාරක්ෂිත වන බවයි. කෙසේ වෙතත්, ඉදිරියේදී නැවතත් ඇමෙරිකාව තම සංවිධානය සමඟ එක්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඔවුහු ප්‍රකාශ කරති.
එමෙන්ම ඉන්ෆ්ලුවෙන්සා (Influenza) වැනි ගෝලීය වසංගත පිළිබඳ දත්ත හුවමාරු කර ගැනීමේ ගෝලීය පද්ධතියෙන් ඇමෙරිකාව මෙලෙස ඉවත් වීම නිසා ලෝකයේ මෙන්ම ඇමෙරිකාවේ ද සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව විශේෂඥයන් පෙන්වා දී තිබේ.
ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම නිසා ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් ද සුළුපටු නැත. ඒවා ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සලකා බැලිය හැකිය. මෙය හුදෙක් මුදල් පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ, රටේ සමස්ත සෞඛ්‍ය සුරක්ෂිතතාවට අදාළ නියාමනය හා අධීක්ෂණය පිළිබඳ ජාලය බිඳී යාමේ අර්බුදයකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අයවැයෙන් සැලකිය යුතු ප්‍රමාණයක්, එනම් 20%කට ආසන්න ප්‍රමාණයක් ඇමෙරිකාවෙන් ලැබෙන බැවින් එම සංවිධානය හරහා ශ්‍රී ලංකාවට ලැබෙන මූල්‍ය ආධාර සීමා වනු ඇත. ඒ ඔස්සේ අප රටේ පාසල් දරුවන්ගේ සහ ගර්භණී මවුවරුන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ව්‍යාපෘති අඩපණ වීමේ අවදානමක් පැනනඟී. අධික රුධිර පීඩනය සහ පිළිකා වැනි රෝග පාලනය සඳහා ශ්‍රී ලංකාවට ලැබෙන තාක්ෂණික හා මූල්‍ය දායකත්වය අඩුවීම ද මෙරට තුළ පවත්නා සෞඛ්‍ය අර්බුදය තවත් උත්සන්න කරවනු ඇත.
භූගෝලීය සාධක ඇතුළු වෙනත් සාධනීය කරුණු මුල් කොට ශ්‍රී ලංකාව ලෝකයේ සාර්ථකම ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් සහිත රටකි. මෙම සාර්ථකත්වය පිටුපස WHO සංවිධානයේ මැදිහත්වීම විශාලය. එමෙන්ම ඇමෙරිකාවේ මෙම ඉවත් වීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයට එල්ල කරන මූල්‍ය බලපෑමට වඩා වැඩි බලපෑමක් තාක්ෂණික මඟපෙන්වීම සහ රෝග නිරීක්ෂණ පද්ධති (Disease Surveillance) කෙරෙහි ඇති කරන බවක් පෙනෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා සහන මිලට එන්නත් ලබා ගැනීමේ ක්‍රමවේදයට බාධා ඇති වුවහොත්, රජයට එන්නත් මිලදී ගැනීමට අතිවිශාල මුදලක් වැය කිරීමට සිදු වේ. එය ශ්‍රී ලංකාව වැනි රටකට දැරීමට අපහසු වනු ඇත. ඒ අතරේ පෝලියෝ සහ සරම්ප වැනි රෝග රටින් තුරන් කර පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ලෝක සෞඛ්‍ය සංවිධාන සහාය ද ඉදිරියේදී දුර්වල විය හැකිය.
මීට අමතරව ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයන් සඳහා ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවීම් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කැප වී ක්‍රියා කරයි. නමුත් එම සංවිධානයේ මූල්‍ය ශක්තිය අස්ථාවර වීම මත එම යාන්ත්‍රණය එලෙසින්ම පවත්වාගෙන යාම ගැටලුකාරී වනු ඇත. එසේම නවීන රෝග විනිශ්චය ක්‍රම සහ නව ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දේශීය සෞඛ්‍ය අංශ සතු දැනුම යාවත්කාලීන වීම ප්‍රමාද විය හැකි අතර, රාජ්‍ය සෞඛ්‍ය සේවයේ රසායනාගාරවල ප්‍රමිතිය පවත්වා ගැනීමට ලබාදෙන උපකරණ සහ රසායනික ද්‍රව්‍ය සීමා වීමේ අවදානමක් පවතී.
ශ්‍රී ලංකාව ගුණාත්මක ඖෂධ ආනයනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දෙන ‘පූර්ව සුදුසුකම්’ (Prequalification) සහතික පදනම් කර ගනී. ලෝක සෞඛ්‍ය සංවිධාන යාන්ත්‍රණය දුර්වල වීමෙන් ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණය අඩපණ වුවහොත්, බාල ඖෂධ වෙළෙඳපොළට පැමිණීමේ අවදානමක් පවතී.
මෙම ආපදාවන් අවම කර ගැනීමට ශ්‍රී ලංකාවට අනුගමනය කළ හැකි උපාය මාර්ග කිහිපයකි:
ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා නොවී, ඇමෙරිකාවේ USAID වැනි ආයතන සමඟ සෘජුව ගිවිසුම් (Bilateral Agreements) ඇති කර ගැනීම,ඉන්දියාව වැනි ප්‍රබල අසල්වැසි රටවල් සහ අනෙකුත් ආසියානු රටවල් සමඟ එක්ව සෞඛ්‍ය අරමුදලක් හෝ පද්ධතියක් ගොඩනැගීම,අත්‍යවශ්‍ය ඖෂධ සහ එන්නත් රට තුළම නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව සොයා බැලීම ඒ අතරින් ප්‍රධාන ය.
මෙම සියලු අභියෝග හමුවේ අප රටේ සෞඛ්‍ය පද්ධතිය සුරක්ෂිත කර ගැනීමේ වගකීම රජයේ බලධාරීන් ඉදිරියේ පැනනඟින ප්‍රධාන අභියෝගයක් වනු ඇත. ඒ අනුව වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මෙබඳු කටයුතු සම්බන්ධ සතුටුදායක ප්‍රගතියක් වාර්තා කොට නැතත්, අතුරු ආබාධ හා පශ්චාත් ආබාධවලින් තොරව මෙම අර්බුදය විසඳාලීමට ආණ්ඩුවේ බලධාරීන් නිසි හා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුමය.
නමුත් මෙම සියලු අභියෝග හමුවේ අප රටේ සෞඛ්‍ය පද්ධතිය සුරක්ෂිත කර ගැනීමේ වගකීම රජයේ බලධාරීන් ඉදිරියේ පැනනඟින ප්‍රධාන අභියෝගයක් වනු ඇත. ඒ අනුව වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මෙබඳු කටයුතු සම්බන්ධ සතුටුදායක ප්‍රගතියක් වාර්තා කොට නැතත්, “අතුරු ආබාධ” හා “පශ්චාත් ආබාධ”වලින් තොරව මෙම සෞඛ්‍ය අර්බුදය විසඳාලීමට ආණ්ඩුවේ බලධාරීන් නිසි හා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුමය.
ෆාතිමා හලල්දීන්