ජගත් මනුවර්ණ අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි වරෙන්තු

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (2) වරෙන්තු නිකුත් කර ඇත.මනුවර්ණ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකකට අදාළව මේ තාක් අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.මෙම නඩු දෙක නඩු 2008 වර්ෂයේ සිට මන්ත්‍රීවරයාට එරෙහිව අධිකරණයේ විභාග වන අතර මීට පෙර මෙම නඩු විභාගයට ගත් අවස්ථාවේදී ඔහුගේ නීතිඥවරයා කරුණු දක්වමින් ප්‍රකාශ කළේ රජයේ නිල වැඩසටහනකට සහභාගී වීම නිසා තම සේවාදායකයාට පැමිණිය නොහැකි බවයි.ඒ අනුව අද අදාළ නඩු කැඳවූ අවස්ථාවේදී ද මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.

කාලීන පුවත්