හෙට සහ අනිද්දා ඉන්ධන තොග බෙදාහැරීම නතර කෙරේ

හෙට සහ අනිද්දා ඉන්ධන තොග බෙදාහැරීම නතර කෙරේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ දේශීය වෙළඳපොළේ ද ඉන්ධන මිලෙහි සංශෝධනයක් වීමේ සාධාරණ සැකයක් පවතින අතර හෙට (21) සහ අනිද්දා යන දෙදින තුළ ඉන්ධන තොග බෙදාහැරීමේ කටයුතු සිදු නොකරන බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම බවුසර් රථ හිමියන් වෙත දැනුම් දී ඇති බව ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී.වී. ශාන්ත ද සිල්වා මහතා පවසයි.මේ වන විට ගෙනවිත් ඇති ඉන්ධන තොග නිකුත් කිරීමේදී මිල ඉහළ දමා වාසි ලබා ගැනීම සඳහා මෙලෙස හෙට හෝ අනිද්දා බෙදාහැරීම් කටයුතු අත්හිටුවීමට ඉඩ ඇති බවට ඔහු සැක පළ කරයි.එමෙන්ම මෙම බෙදාහැරීම් නතර කිරීමේ තීරණය තම සංගමයේ ඉල්ලීමක් මත සිදුවන්නක් නොවන බවත්, එය බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් බවත් ශාන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියි.

කාලීන පුවත්