පිට සක්වල ජීවීන් ගැන අපූරු කතාවක් රැගත් ස්ටීවන් ස්පීල්බර්ග් ගේ අලුත්ම චිත්‍රපටය

පිටසක්වල ජීවීන් වාසය කරන ග්‍රහලෝක ඈත විශ්වයේ පිහිටා තිබෙනවාද යන ප්‍රශ්නය බොහෝ කාලයක සිටම පෘථිවිවාසී මිනිසුන් තුළ කුතුහලයක් ඇති කර තිබෙන කාරණයකි. මෙවැනි ජීවීන් ඉන්නා බව විශ්වාස කරන බොහෝ දෙනා සිටින අතර මේ ජීවීන් ඉඳහිට අමුතු යානාවල නැගී පෘථිවියට හෝ ඒ ආසන්නයට පැමිණෙන බවට ද විශ්වාසයන් පැවතිණි. ඔවුන් ගමන් කරන අපූරු යානා හැඳින්වීමට පියාඹන පීරිසි යන නම ද බොහෝ අවස්ථාවල භාවිත විය. මේ යානාවලට එම නම ලැබුණේ ඒවා විශාල පීරිසි මෙන් කවාකාර හැඩයෙන් දිස් වූ බවක් පැවසුණු නිසා ය.

පිටසක්වල ජීවීන් පිලිබඳ අප තුළ පවතින කුතුහලය සහ උනන්දුව නිසා ඔවුන් තේමා කරගෙන බොහෝ කලා නිර්මාණ ද බිහි වී තිබේ. මේ කියන්නට යන්නේත් එවැනි අලුත්ම සිනමා නිර්මාණයක් ගැන යි. ළඟදී ම ලොව පුරා තිරගත වීමට නියමිත මේ චිත්‍රපටයේ නම Disclosure Day ය. මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ එසේ මෙසේ අධ්‍යක්ෂවරයකු නොවේ. හොලිවුඩ් සිනමාවේ දැවැන්තයකු වන ස්ටීවන් ස්පීල්බර්ග් ය.

Disclosure Day ලබන ජුනි 12 වැනි දින ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීමට නියමිත අතර බොහෝ සිනමාලෝලීන් එය තිරගත වනතුරු මහත් කුතුහලයෙන් යුතුව සහ බලාපොරොත්තු සහගතව සිටින බව සමාජ මාධ්‍ය තුළ ඒ ගැන පැතිරෙන “රැල්ලෙන්” තේරුම් ගත හැකිය.

ස්පීල්බර්ග් මෙයට පෙර ද පිටසක්වල ජීවීන් තේමා කරගත් සිනමාපට තුනක් නිර්මාණය කර තිබේ. ඒ, Close Encounters of the Third Kind (1977), ET (1982) සහ War of the Worlds (2005) යන චිත්‍රපට යි. ඒ සෑම සිනමාපටයක්ම ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේ ද නොමඳ අගැයුමට පාත්‍ර විය. පෘථිවියට පැමිණ එහි අතරමං වන පිටසක්වල ජීවියකු සහ මිනිස් දරුවකු අතර ඇති වන ලෙංගතු සම්බන්ධයක් පසුබිම් කරගත් ET මේ අතරින් වඩාත්ම ජනප්‍රිය වූ චිත්‍රපටය විය.

ස්ටීවන් ස්පීල්බර්ග්
ස්ටීවන් ස්පීල්බර්ග්

Disclosure Day ද මහත් කුතුහලය දනවන කතා පුවතක් රැගත් චිත්‍රපටයක් බව මෙයට මාස කිහිපයකට පෙර නිකුත් වූ එහි පූර්ව ප්‍රචාරක පටයෙන් ඇඟවෙයි. එහි ආරම්භයේම ඉතා ගුප්ත හැඟීම් ඇති කරන දර්ශණ පෙලක් දැකගන්නට ලැබේ.

මුලින්ම අප දකින්නේ රූපවාහිනි නාලිකාවක සජීවි ප්‍රවෘත්ති විකාශයක් අතර කාලගුණ අනාවැකිය ඉදිරිපත් කිරීමට පටන් ගන්නා මාගරට් නැමැති නිවේදිකාවකි. ටික වෙලාවක් කතා කරගෙන යද්දී එකවරම ඇයගෙන් ගුප්ත හැසිරීමක් පළවෙන්නට පටන් ගනියි. ඇයට කතා කරගැනීම අපහසු වන අතර වචන උගුරේ සිරවුණු කලෙක මෙන් ඇය අපහසුවෙන් හැසිරෙන්නට පටන් ගනියි. ටිකකින් මාගරට් අමුතු හඬකින් ගොත ගසන්නට වෙයි. වෙනත් ජීවියකු ඇයගේ සිරුරට ඇතුලු වී ඇගේ මුවින් කතා කරන්නට උත්සාහ කරන්නාක් මෙනි.

රූපවාහිනි මැදිරියේ සිටින නිශ්පාදක කණ්ඩායම ද, රට පුරා ප්‍රවෘත්ති විකාශය නරඹමින් සිටින ප්‍රේක්ෂකයෝ ද භ්‍රාන්ත වී බලා සිටිති.

මේ සිද්ධියෙන් පසු තවත් ගුප්ත සිදුවීම් කිහිපයක්ම දැක ගන්නට ලැබේ. මේ සියල්ල තුළින් අපට හැඟෙන්නේ කිසියම් ග්‍රහලෝකයක සිට පිටසක්වල ජීවීන් කොට්ඨාශයක්, අපටත් නොදැනෙන සේ, පෘථිවියට පැමිණ අප අතර ගැවසෙමින් සිට ඇති ආකාරයකි. ඔවුන් කිසිවක් සන්නිවේදනය කිරීමට උත්සාහ කරමින් සිටින බවක් ද හැඟේ.

පිටසක්වල ජීවීන් අප අතර සිටින බව සාමාන්‍ය ජනතාව නොදැන සිටියාට ඇමරිකාවේ රජයට සම්බන්ධ බලවත් පාර්ශ්වයක් මේ බව දැනසිට ඇති බවක් ද, ඔවුන් වසර ගණනක් එය වසන් කරගෙන සිට ඇති බවක් ද පෙනේ. මේ බව දැනගන්නා එක් තරුණ සයිබර් ආරක්ෂක විශේෂඥයකු මේ රහස ජනතාවට අනාවරණය කිරීමට සූදානම් වන ආකාරයකුත්, මේ නිසා ඉතා දරුණු ගැටුමක් හටගන්නා අකාරයකුත් අපට දැනෙන්නට වෙයි.

ස්පීල්බර්ග් ගේ Disclosure Day ඇමරිකාවේ සිදු වූ යම් සත්‍ය සිදුවීම්වලින් ද ආභාෂය ලැබූ චිත්‍රපටයකි. ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය “හඳුනා නොගත් අසාමාන්‍ය සංසිද්ධීන් ” පිලිබඳ යම් යම් තොරතුරු සහ පෘථිවියෙන් හමු වූ, මිනිස් යානා නොවන අබිරහස් යානා හා සිරුරු කොටස් ආදිය පිලිබඳ තොරතුරු කාලයක් තිස්සේ ප්‍රසිද්ධියට පත් නොකර රහසිගතව තබාගෙන සිටින බවට පසුගිය කාලයේ විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කළෝය. විශ්වය තුළ සිටින එකම බුද්ධිමත් ජීවීන් මිනිසුන් පමණක් නොවන බවට මේ තොරතුරු සාක්ෂි සපයන බව ද මේ පාර්ශ්වවල අදහස යි.

කෙසේ හෝ වේවා, මේ පූර්ව ප්‍රචාරකපටය නරඹන විට චිත්‍රපටය නැරඹීමට මහත් කුතුහලයක්, නොඉවසිල්ලක් ප්‍රේක්ෂකයන් තුළ ඇති වන බව නොකියා බැරි ය.

ස්පීල්බර්ග් ගේ Disclosure Day ඇමරිකාවේ සිදු වූ යම් සත්‍ය සිදුවීම්වලින් ද ආභාෂය ලැබූ චිත්‍රපටයකි. ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය “හඳුනා නොගත් අසාමාන්‍ය සංසිද්ධීන් ” පිලිබඳ යම් යම් තොරතුරු සහ පෘථිවියෙන් හමු වූ, මිනිස් යානා නොවන අබිරහස් යානා හා සිරුරු කොටස් ආදිය පිලිබඳ තොරතුරු කාලයක් තිස්සේ ප්‍රසිද්ධියට පත් නොකර රහසිගතව තබාගෙන සිටින බවට පසුගිය කාලයේ විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කළෝය. විශ්වය තුළ සිටින එකම බුද්ධිමත් ජීවීන් මිනිසුන් පමණක් නොවන බවට මේ තොරතුරු සාක්ෂි සපයන බව ද මේ පාර්ශ්වවල අදහස යි.

රජයට චෝදනා කළ සමහරුන් පෙන්ටගනයට සම්බන්ධව සිට ඉන් ඉවත් වූ නිලධාරීන් වීම ද විශේෂත්වයකි. ඔවුන් ඇමරිකානු කොංග්‍රසයයේ ඇතැම් කාරක සභා ඉදිරියේ මේ පිලිබඳ සාක්ෂි පවා දී තිබූ බව සඳහන් කළ යුතු වේ.

මෙවැනි චෝදනා එල්ල වෙද්දී පෙන්ටගනය කලින් ප්‍රසිද්ධියට පත් නොකර තිබූ ලේඛන, විඩියෝ යම් ප්‍රමාණයක් ප්‍රසිද්ධියට පත් කිරීමට කටයුතු කළේය. නමුත් මෙසේ ප්‍රසිද්ධියට පත් කළ ලේඛන සහ විඩියෝ සම්බන්ධයෙන් ද චෝදනා එල්ල විය. එසේ චෝදනා එල්ල කළ විද්‍යාඥයන්, දේශපාලනඥයන් ඇතුලු පිරිස් පවසන්නේ තීරණාත්මක තොරතුරු තව දුරටත් සඟවා තබා ගනිමින් එතරම් වැදගත් නැති, දැනටමත් බොහෝ දෙනා දන්නා තොරතුරු පමණක් නිදහස් කර ඇති බව යි.

Disclosure Day නිර්මාණය කළ ස්පීල්බර්ග් ද විශ්වයේ තවත් බුද්ධිමත් ජීවීන් සිටින බව දැඩිව විශ්වාස කරන කෙනෙකි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර