අද සිට 10 වෙනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

ජූලි මාසය සදහා පළමුවැනි පාර්ලිමේන්තු රැස්වීම් සතිය අදින් (07) ආරම්භ වේ.අද සිට ලබන 10 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

අද දිනයේ දී දූෂණ විරෝධී පනතේ ඇති නියෝග සහ පුරාවස්තු ආඥා පනත යටතේ ඇති නියෝග විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතව තිබේ.හෙට දිනයේ දී ගෙවීම් සහ බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ නියෝග, රේගු ආඥා පනත යටතේ වන නියෝග, මෝටර් වාහන පනත යටතෙ ඇති නියෝග සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිතයි.

බදාදා දිනයේ දී විපක්ෂය විසින් ගෙනඑන විදේශ ශ්‍රමිකයින්ගේ ගැටලු පිළිබද සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට ද නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සදහන් කර සිටී.ජුලි 9 වන දිනයේ දී මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ සංශෝධන, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ සංශෝධන සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති සංශෝධන යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

ලබන සිකුරාදා දිනයේ දී පෞද්ගලික මන්ත්‍රී යෝජනා 07ක් විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සදහන් කරයි.

කාලීන පුවත්