දෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලීඩ්ස්හිදී පැවැති දෙවන එක්දින තරගයේ ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකාව අද (25) සමත් විය.පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 321ක් රැස්කිරීමට සමත්විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල එංගලන්ත පිතිකරුවන් නියමිත් පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 දැවී රැස් කරගත්තේ ලකුණු 305ක් පමණි.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ලකුණු 16කින් ජය ගත්තේය.

තරග 3කින් යුත් මෙම තරගාවලිය තරග 1-1ක් ලෙස සමකරමින් තවදුරටත් තරඟාවලියේ බලාපොරොත්තු තබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය.

කාලීන පුවත්