වසරේ මේ දක්වා අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අවප්රමාණය 6.3%ක් ලෙස සටහන් වන බව මහ බැංකුව ප්රකාශ කරයි.
ගත වූ සතිය තුළ ප්රාථමික සහ ද්විතීයික වෙළෙඳපොළවල් දෙකෙහිම භාණ්ඩාගාර බිල්පත් අස්වැන්න පුළුල් ලෙස ස්ථාවරව පැවති අතර බැඳුම්කරද එම මට්ටමේම පැවති බවයි මහ බැංකුව සඳහන් කරයි.
විදේශ ආයෝජකයන් සතුව ඇති බිල්පත් සහ බැඳුම්කරවල රුපියල් වටිනාකම පෙර සතියට සාපේක්ෂව ගත වූ සතියේදී 1.6%කින් ඉහළ ගොස් තිබේ.