
අන්තර්ජාලයේ පැමිණීමත් සමඟ මානව ශිෂ්ටාචාරයේ තොරතුරු සන්නිවේදනය විප්ලවීය පරිවර්තනයකට ලක්ව ඇත. අධ්‍යාපනය, වාණිජ්‍යය සහ විනෝදාස්වාදය සේම වෛද්‍ය ක්ෂේත්රය ද මෙම ඩිජිටල් රැල්ලෙන් ගැඹුරින් බලපෑම් ලැබූ ක්ෂේත්රයකි. අද වන විට PubMed, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), සහ Mayo Clinic වැනි විශ්වසනීය දත්ත ගබඩාවල සිට YouTube වීඩියෝ දක්වා වූ දැවැන්ත වෛද්‍ය දැනුම් සම්භාරයක් තත්පර කිහිපයකින් මිනිසාගේ ඇඟිලි තුඩට පැමිණ තිබේ. මෙම ප්‍රවණතාව සමාජයේ සෞඛ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමට මහඟු පිටුවහලක් බව නිසැක ය. ඒ අතරම, සංකීර්ණ නව සමාජ-වෛද්‍ය අභියෝග රැසක් ද නිර්මාණය කර ඇත.1990 දශකයට පෙර වෛද්‍ය දැනුම ප්‍රධාන වශයෙන්ම සීමා වී තිබුණේ වෛද්‍යවරුන්, වෛද්‍ය ආයතන සහ වෘත්තීය පුස්තකාල තුළට පමණි. එහෙත් වර්තමානයේ Google Scholar, WebMD සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වැනි ඩිජිටල් අවකාශයන් නිසා ඕනෑම අයෙකුට රෝග ලක්ෂණ, ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධවල අතුරු ආබාධ පිළිබඳ මූලික අවබෝධයක් පහසුවෙන් ලබාගත හැකිය. මෙම තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ “රෝගියා සවිබල ගැන්වීම” (Patient Empowerment) නම් සාධනීය සංකල්පයට මඟ පාදා ඇත. මීට අමතරව, ටෙලිමෙඩිසින් (Telemedicine) හෙවත් දුරස්ථ වෛද්‍ය උපදේශන සේවා වර්ධනය වීම නිසා ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන ජනතාවට ද විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ අවස්ථාව උදා වී තිබේ. ශ්‍රී ලංකාව තුළ eChannelling සහ oDoc වැනි වේදිකා මේ සඳහා කදිම උදාහරණ සපයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව, මෙලෙස සෞඛ්‍ය සාක්ෂරතාව 10%කින් ඉහළ නැංවීම මඟින් සමස්ත මරණ අනුපාතය 5%කින් අඩු කරගත හැකි වී තිබේ. එමෙන්ම නිරෝගී පුද්ගලයකු දිනකට ජලය ලීටර් 2කට වැඩි ප්‍රමාණයක් පානය කිරීම ද වැදගත් වේ. එම ජල ප්‍රමාණය පුද්ගල සාධක මත වෙනස් වේ. එමෙන්ම ව්‍යායාමයේ වැදගත්කම සහ නිසි එන්නත්කරණ කාලසටහන් වැනි නිවාරණ සෞඛ්‍ය පණිවිඩ සමාජගත කිරීමට ද අන්තර්ජාලය විශාල කාර්යභාරයක් ඉටු කරයි.

ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ (Sri Lanka Diabetes Association) දත්තවලට අනුව, වර්තමානයේ ලංකාවේ දියවැඩියා රෝගීන්ගෙන් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් නිවසේදීම තමාගේ රුධිර සීනි මට්ටම පරීක්ෂා කිරීමට හුරු වී සිටිති.තාක්ෂණයේ දියුණුවත් සමඟ ප්‍රකට ව්‍යවහාරයට අනුව කිවහොත් “Dr. Google” සංස්කෘතියක් බිහිවීම සෞඛ්‍ය ක්ෂේත්රයට බරපතළ තර්ජනයක් ද එල්ල කර තිබේ. අන්තර්ජාලය ඔස්සේ සිදුකරන වැරදි ස්වයං-රෝග විනිශ්චය සහ ස්වයං-ප්‍රතිකාර මේ අතරින් ප්‍රධාන වේ.
මෙම සන්නිවේදන විප්ලවයත් සමඟ ගෘහස්ථ සෞඛ්‍ය තාක්ෂණය ද වේගයෙන් ව්‍යාප්ත වී ඇත. අද වන විට රුධිර ග්ලූකෝස් මට්ටම මනින ග්ලූකෝමීටරය, අධි රුධිර පීඩනය කලින් හඳුනා ගැනීමට උපකාරී වන ඩිජිටල් රුධිර පීඩන මාපකය, COVID-19 සමයේ අතිශය ජනප්‍රිය වූ සන්තෘප්ත ඔක්සිජන් මට්ටම (SpO2) සහ හෘද ස්පන්දනය මනින පල්ස් ඔක්සිමීටරය මෙන්ම ඊ.සී.ජී (ECG) සහ නින්දේ රටාවන් නිරීක්ෂණය කරන ස්මාර්ට් ඔරලෝසු (Smartwatches) බහුලව භාවිත වේ. මෙම උපකරණ භාවිතය නිසා අනවශ්‍ය ලෙස රෝහල්ගත වීම් අවම වී ඇති අතර, දීර්ඝකාලීන රෝග කළමනාකරණය ද පහසු වී ඇත. ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ (Sri Lanka Diabetes Association) දත්තවලට අනුව, වර්තමානයේ ලංකාවේ දියවැඩියා රෝගීන්ගෙන් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් නිවසේදීම තමාගේ රුධිර සීනි මට්ටම පරීක්ෂා කිරීමට හුරු වී සිටිති.තාක්ෂණයේ දියුණුවත් සමඟ ප්‍රකට ව්‍යවහාරයට අනුව කිවහොත් “Dr. Google” සංස්කෘතියක් බිහිවීම සෞඛ්‍ය ක්ෂේත්රයට බරපතළ තර්ජනයක් ද එල්ල කර තිබේ. අන්තර්ජාලය ඔස්සේ සිදුකරන වැරදි ස්වයං-රෝග විනිශ්චය සහ ස්වයං-ප්‍රතිකාර මේ අතරින් ප්‍රධාන වේ. උදාහරණයක් ලෙස, සාමාන්‍ය හිසරදයක් ඇති අයෙකු අන්තර්ජාලයේ තොරතුරු සොයා යාමේදී එය මොළයේ ගෙඩියක (Brain Tumor) ලක්ෂණයක් විය හැකි බව දැක අනවශ්‍ය ලෙස දැඩි බියට හා ආතතියට පත්වීම සුලබව සිදු වන්නකි. මෙම මානසික තත්ත්වය වෛද්‍ය විද්‍යාවේදී අන්තර්ජාල භාවිතයෙන් ඇති වන අනවශ්‍ය රෝග බිය Cyberchondria ලෙස හඳුන්වයි.

ඇමරිකාවේ ලොව කීර්තිමත්ම පර්යේෂණ ආයතනයක් වන ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය (Stanford University) මඟින් සිදුකළ අධ්‍යයනයකට අනුව, අන්තර්ජාලය ඇසුරින් ස්වයං-රෝග විනිශ්චය කරගත් පුද්ගලයන්ගෙන් 74%ක්ම එළඹ තිබුණේ සම්පූර්ණයෙන්ම වැරදි නිගමනවලට ය.මීට අමතරව, විද්‍යාත්මක පදනමක් නොමැති වැරදි තොරතුරු සහ මිථ්‍යා මත සමාජ මාධ්‍ය ඔස්සේ ලැව්ගින්නක් සේ පැතිර යාම ද ප්‍රධාන ගැටලුවකි. “මයියොක්කා ආහාරයට ගැනීමෙන් පිළිකා සුව කළ හැකිය” හෝ “එන්නත් ලබාදීමෙන් දරුවන්ට ඔටිසම් (Autism) තත්ත්ව ඇතිවේ” වැනි ව්‍යාජ ප්‍රචාර මීට නිදසුන් වේ. COVID-19 වසංගත සමයේ මෙලෙස ව්‍යාජ තොරතුරු සෞඛ්‍යයට වඩා වේගයෙන් පැතිර යාම මෑත කාලීනව ගෝලීය වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “තොරතුරු වසංගතයක්” (Infodemic) ලෙස නම් කරන ලදී. මෙහි තවත් භයානක ප්‍රතිඵලයක් වන්නේ වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක (Antibiotics), ස්ටෙරොයිඩ් (Steroids) සහ නිදිපෙති වැනි ඖෂධ අනිසි ලෙස භාවිත කිරීමයි. විශේෂයෙන්ම ප්‍රතිජීවක ඖෂධ නියමිත මාත්‍රාවට සහ කාලයට අර්ධ වශයෙන් ගැනීම නිසා බැක්ටීරියාවලට එරෙහිව ඖෂධ ක්‍රියා නොකරන “ප්‍රතිජීවක ප්‍රතිරෝධය” (Antibiotic Resistance) ඇති වේ. දත්තවලට අනුව ශ්‍රී ලංකාව තුළ මෙලෙස ප්‍රතිජීවක ප්‍රතිරෝධය පැතිරීමේ ප්‍රවණතාව සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇත.තවද, ගෘහස්ථ වෛද්‍ය උපකරණවල පවතින තාක්ෂණික සීමාවන් පිළිබඳව බහුතරයක් ජනතාව නොදැන සිටීම ද තවත් අර්බුදයකි. සාමාන්‍ය ග්ලූකෝමීටරයක දෝෂ ආන්තිකය (Margin of Error) ±15% දක්වා විය හැකි අතර, රුධිර පීඩන මාපකයක බාහුවට බඳින පටිය (Cuff) නිවැරදි ප්‍රමාණයෙන් යුක්ත නොවුණහොත් ලැබෙන මිනුම සම්පූර්ණයෙන්ම වැරදි විය හැක. එහෙත්, බොහෝ දෙනෙක් මෙම උපකරණවල කියවීම් අවසාන නිශ්චිත තීරණය ලෙස සලකා කටයුතු කරති. මෙම සමස්ත ක්‍රියාවලිය සාම්ප්‍රදායික වෛද්‍ය-රෝගී සබඳතාව බිඳවැටීමට ද හේතු වී ඇත. “ඩොක්ටර්, මම ඉන්ටර්නෙට් එකේ බැලුවා මට තියෙන්නේ මේ ලෙඩේ” යන පූර්ව නිගමනයේ සිටිමින් රෝගීන් වෛද්‍යවරයාගේ සායනික තීරණ සහ පළපුරුද්ද අභියෝගයට ලක් කිරීම වර්තමානයේ සුලභව දැකිය හැකිය.මෙම ගැටලුවලින් මිදී තාක්ෂණයේ නියම ඵල නෙළා ගැනීමට නම් “තොරතුරු දැන ගැනීම” සහ “වෛද්‍ය උපදේශනය” අතර පවතින වෙනස පැහැදිලිව වටහා ගත යුතුය. අන්තර්ජාලය යනු වෛද්‍යවරයා හමුවීමට පෙර ප්‍රශ්න සූදානම් කර ගැනීමට හෝ දෙවන මතයක් (Second Opinion) සලකා බැලීමට ඇති මෙවලමකට මිස, කිසිසේත්ම වෛද්‍යවරයා ආදේශ කිරීමට ඇති උපකරණයක් නොවන බව වටහා ගත යුතුය.
තොරතුරු සෙවීමේදී .gov, .edu වැනි නිල වසම්වලින් යුත් අඩවි, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA), ලංකා කායික වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (CCPS) සහ Mayo Clinic වැනි විශ්වසනීය මූලාශ්‍රවලට පමණක් ප්‍රමුඛත්වය දිය යුතු අතර, සමාජ මාධ්‍යවල සිටින “ඩිජිටල් බලපෑම්කරුවන්” (Influencers) පවසන දෑ මත පදනම්ව වෛද්‍ය තීරණ නොගත යුතු ය.එමෙන්ම, ජනතාවගේ ඩිජිටල් සෞඛ්‍ය සාක්ෂරතාව නැංවීම සඳහා පාසල් විෂය මාලාවට “තොරතුරු මූලාශ්රවල විශ්වසනීයත්වය තක්සේරු කිරීම” පිළිබඳ පාඩම් ඇතුළත් කළ යුතු අතර, සායනික වෛද්‍යවරුන් ද තම රෝගීන්ට පරිශීලනය සඳහා විශ්වාසදායක වෙබ් අඩවි ලැයිස්තුවක් හඳුන්වා දීම යෙහෙකි.

ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) වැනි ආයතන මැදිහත් වී අන්තර්ජාලය හරහා අනීතිකව ඖෂධ විකිණීම වැළැක්වීමට සහ වෛද්‍ය උපදෙස් ලබාදෙන YouTube ඇතුළු සමාජ මාධ්‍ය නාලිකා ලියාපදිංචි කර නියාමනය කිරීමට ශක්තිමත් නීතිමය රාමුවක් සකස් කිරීම ඉතා වැදගත් වේ.අන්තර්ජාලය සහ ගෘහස්ථ වෛද්‍ය තාක්ෂණය යනු දෙපැත්ත කැපෙන තියුණු අවියකි. එම අවිය නිසි ලෙස භාවිත කළහොත් එය ප්රජාතන්ත්රීකරණය කළ සෞඛ්‍ය සේවයක් යොදා ගනිමින්, රෝගියා සවිබල ගන්වා මරණ අනුපාතය අවම කිරීමට සමත් වනු ඇත.
ගෘහස්ථ වෛද්‍ය උපකරණ භාවිත කළ යුත්තේ වෛද්‍යවරයාට පෙන්වීම සඳහා දත්ත රැස් කරන “දිනපොතක්” හෝ පූර්ව පරීක්ෂණ මෙවලමක් ලෙස මිස ස්වයං ප්‍රතිකාර සඳහා මාර්ගෝපදේශනයක් ලෙස නොවේ. එහි කිසියම් අසාමාන්‍ය කියවීමක් පෙන්නුම් කළහොත් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) වැනි ආයතන මැදිහත් වී අන්තර්ජාලය හරහා අනීතිකව ඖෂධ විකිණීම වැළැක්වීමට සහ වෛද්‍ය උපදෙස් ලබාදෙන YouTube ඇතුළු සමාජ මාධ්‍ය නාලිකා ලියාපදිංචි කර නියාමනය කිරීමට ශක්තිමත් නීතිමය රාමුවක් සකස් කිරීම ඉතා වැදගත් වේ.අන්තර්ජාලය සහ ගෘහස්ථ වෛද්‍ය තාක්ෂණය යනු දෙපැත්ත කැපෙන තියුණු අවියකි. එම අවිය නිසි ලෙස භාවිත කළහොත් එය ප්රජාතන්ත්රීකරණය කළ සෞඛ්‍ය සේවයක් යොදා ගනිමින්, රෝගියා සවිබල ගන්වා මරණ අනුපාතය අවම කිරීමට සමත් වනු ඇත.
එසේ නොකොට එම මාධ්‍යයන් නොසැලකිලිමත් ලෙස භාවිත කළහොත් එය ව්‍යාජ ස්වයං-ප්‍රතිකාර, ඖෂධ අනිසි භාවිතය සහ අනවශ්‍ය සමාජීය බියක් නිර්මාණය කිරීමට මඟ පාදයි. එබැවින් මීට ඇති එකම විසඳුම තාක්ෂණයෙන් බැහැර වීම නොව, තාක්ෂණිකව සාක්ෂරතාවයෙන් හෙබි රෝගියෙකු සහ ඩිජිටල් යුගයට සාර්ථකව අනුගත වූ වෛද්‍යවරයෙකු සමාජය තුළ බිහි කිරීමයි. අන්තර්ජාලය වෛද්‍යවරයාගේ පවා තම දැනුම් අවබෝධයන් තහවුරු කර ගැනීම පිණිස වන “සහයකයෙකු” කරගත යුතු මිස “ආදේශකයෙකු” කර නොගත යුතු ය. මන්ද, ඕනෑම රෝග විනිශ්චයක අවසාන තීරණය සැමවිටම පදනම් විය යුත්තේ පුහුණු වෛද්‍ය වෘත්තිකයෙකුගේ සෘජු සායනික පරීක්ෂාව, වෘත්තීය පළපුරුද්ද සහ රෝගියාගේ සමස්ත සෞඛ්‍ය ඉතිහාසය මතම පමණි.
හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ