ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ 6 වැනි සහ 7 වැනි වාරික මුදල් ජුනි මස මුල් සතිය තුළ මෙරටට ලැබෙනු ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ සඳහා වන මූලික කටයුතු මේ දිනවල සිදු වන බවද එම අමාත්‍යංශය පවසයි.ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක විස්තීරණ ණය පහසුකමේ 5 වැනි සහ 6 වැනි සමාලෝචනය යටතේ, තවත් ඇමරිකානු ඩොලර් මිලියන 695 ක මුදලක් ලබාදීමට පසුගිය 27 වැනිදා එහි විධායක මණ්ඩල අනුමැතිය හිමිවිය.
ඒ අනුව 2023 වසරේ මාර්තු මාසයේදී අනුමත කරන ලද මාස 48 ක වැඩසටහන යටතේ මෙතෙක් ලබා දී ඇති සමස්ත මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක්.එම ණය මුදල අනුමත කළේ, 2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහායි.ඒ යටතේ ශ්‍රී ලංකාව එකඟ වූ ආර්ථික ප්‍රතිසස්කරණ සාර්ථකව ඉටුකර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් හා විදුලි ක්ෂේත්රවල පැවති දැඩි අර්බුදකාරී තත්ත්වය, මෙරට බලධාරීන් මේ වන විට විසඳා ඇතැයි විධායක මණ්ඩලය පෙන්වා දෙනලදි.විධායක මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ, පසුගිය දෙසැම්බර් අවසානය වන විට නියම කර තිබූ ප්‍රමාණාත්මක ඉලක්ක සම්පූර්ණ කිරීමට මෙරට රජය සමත්ව ඇති බවයි.