IMF ශ්‍රී ලංකාවෙන් ඉවත් වීමේ අවදානමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) ශ්‍රී ලංකාව සමඟ පවත්වන සබඳතා වලින් ඉවත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි නිරීක්ෂණය වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඔහු පෙන්වා දෙනුයේ ජාත්‍යන්තර අරමුදල පැනවූ කොන්දේසි සපුරාලීමට ශ්‍රී ලංකාව අසමත් වීම ඊට හේතු වී ඇති බව ය.තම කොන්දේසියක් වන විදුලි ගැළපුම් ගාස්තු සංශෝධනය පසුගිය මාර්තු මස 31 වැනිදා අවසන් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැනුම් දී තිබුණ ද, එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී තිබීම ගැටලුකාරී තත්ත්වයක් බව හිටපු ජනාධිපතිවරයා පවසයි. විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ පස්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 344 ක් අප්‍රේල් මස පළමු සති දෙක තුළදී ලබා ගැනීමේ හැකියාව පැවැතියත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැනවූ කොන්දේසි ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීම නිසා එම මුදල ලබා ගැනීම තවත් ප්‍රමාද වනු ඇතැයි ද පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා විදුලි ගැළපුම් ගාස්තු මෙතෙක් ඉදිරිපත් නොකිරීම නිසා ඩොලර් මිලියන 344 ක් ලබා ගැනීමට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලැබීමට කල්ගතවනු ඇතැයි පවසයි.

කාලීන පුවත්