අද හෙට නියමිත උසස් පෙළ විභාග විෂයන් දෙසැ 8,9 දිනවල

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (28) සහ හෙට (29) දිනවල ද නොපවැත්වෙන බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය දැනුම් දී තිබේ.එමඟින් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇතිවී තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගත් බව ය.ඒ අනුව, අද (28) හෙට (29) යන දිනයන් වල පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ විභාග සඳහා දෙසැම්බර් මස 08 සහ 09 යන දවස් විකල්ප දින ලෙස ලබා දී ඇත.ඒ අනුව ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 07 වනදාත් අද (28) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 08 වනදාත් හෙට සෙනසුරාදා (29) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 09 වනදාත් පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් වරිය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

කාලීන පුවත්