අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අද සිට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3545ක දී අද (17 ) ආරම්භ කෙරේ. මෙවර විභාගය සඳහා අයැදුම්කරුවෝ 451463 දෙනෙක් පෙනී සිටිති.ඒ අතරින් 382249 දෙනෙක් පාසල් අයැදුම්කරුවන් වන අතර. පෞද්ගලික අයැදුම්කරුවන් ගේ සංඛ්‍යාව 69214කි.විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් රත්මලාන, තංගල්ල, මාතර හා හලාවත යන ප්‍රදේශවල මෙන්ම මහරගම අපේක්ෂා රෝහලේ, කයිතඩි නෆීර් විශේෂිත පාසලේ සහ වටරැක තුන්හිත විද්‍යාලයේ විශේෂිත විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ.විභාග අක්‍රමිකතා වැළැක්වීම සඳහා විශේෂ කණ්ඩායම් යොදවා තිබෙන අතර විභාග වංචා සිදු කිරීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය අයැදුම්කරුවන්ට දැනුම් දෙයි.

කාලීන පුවත්