වර්තමාන ආණ්ඩුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පලපුරුද්දක් නොමැති බැවින් සියලු දෙනා එකතු වී මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම වඩාත් බව අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියෝ කියා සිටිති.එහි දී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ අනු නායක නාරම්පරාවේ ආනන්ද හිමියන් සඳහන් කළේ රටක සභ්‍යත්වය සුරක්ෂිත විය යුත්තේ අධ්‍යාපනය තුළින් බව ය. එයට හානි වන දෙයක් වෙන්නේ නම් එදාත් සේම අදත් විරුද්ධ බවත් පවතින්නේ කවර රජයක්දැයි වැදගත් නොවන බවද උන්වහන්සේ සඳහන් කළහ.එම නා හිමි වරුන් එලෙස ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත පිරිසක් උන් වන වහන්සේලා බැහැ දැකීම පිණිස අස්ගිරි මහා විහාරයට පැමිණි අවස්ථාවේ දී ය.