අමෙරිකා එක්සත් ජනපදය එල්ල කරන ප්රහාර හේතුවෙන් ඉරානයේ කලාපීය ආරක්ෂාවට බාධා එල්ල වන්නේ නම්, හෝමුස් සමුද්ර සන්ධිය යටින් දිවෙන මුහුදු පතුලේ සන්නිවේදන කේබල් පද්ධති ඉලක්ක කර ප්රහාර එල්ල කරන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) මාධ්ය ප්රකාශකවරයා අනතුරු අඟවා තිබෙනවා.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ මාධ්ය ප්රකාශක බ්රිගේඩියර් ජෙනරාල් හොසේන් මොහෙබි (Hossein Mohebbi) පවසා ඇත්තේ හෝමුස් සමුද්ර සන්ධිය යටින් ප්රධාන පෙළේ සන්නිවේදන කේබල් 7 ක් ගමන් කරන බවයි.
ලෝකයේ සමස්ත අන්තර්ජාල සහ වාණිජ දත්ත හුවමාරුවෙන් විශාල ප්රමාණයක් මෙම කේබල් පද්ධති මත පදනම් වන බව පෙන්වා දෙන ඔහු, සතුරාට මේ පිළිබඳව මතක් කර දෙන්නේ ඔවුන්ගේ දැනගැනීම සඳහා බව ද වැඩිදුරටත් සඳහන් කර තිබෙන බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.