“උද්ගතවී ඇති හදිසි ආපදා තත්වය හේතුවෙන් සිදුවන හදිසී මරණ සඳහා පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීම” යන ලිපි සිරස යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් පසුගිය නොවැම්බර් 28 දින ද, “දිවයිනටම බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ ස්වභාවික ආපදාවන් වලදී මරණයට පත්ව ඇති පුද්ගලයන්ගේ මළ සිරුරු කඩිනමින් බැහැර කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම” යන ලිපි සිරස යටතේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නොවැම්බර් 29 දින ද නිකුත් කොට ඇති චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීම මරණ පරික්ෂණ පැවැත්වීම සඳහා බලපැවැත්වෙන ශ්‍රි ලංකාවේ එකම නීතිය වන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 369 වන වගන්තිය බරපතල ලෙස උල්ලංඝනය කෙරෙන බවත්, එම වගන්තිය අභිබවා යාමේ කිසිදු නෛතික ප්‍රතිපාදනයක් නොමැති බවත් අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවිණතම විශේෂඥවරයකු වන විශ්‍රාමික විශේෂඥ අධිකරණ වෛද්‍ය ධනංජය වෛද්‍යරත්න මහතා අවධාරණය කරයි. සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා විසින් ඉහත චක්‍රලේඛ මඟින් ආපදාවෙන් මරුමුවට පත්වූවන් උසාවි නියෝගයකින් තොරව වල දැමීමට අවකාශය සපයා ඇති අතර එම අවසරය විදේශික මළසිරුරු සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම වලක්වා තිබේ.විශ්‍රාමික අධිකරණ වෛද්‍ය ධනංජය වෛද්‍යරත්න මහතා පවසනුයේ එම චක්‍රලේඛ දෙකම ව්‍යවස්ථාපිත නීතිය උල්ලංඝනය කරන අනීතික නියෝග බව ය.
“ඉතා පැහැදිලිවම පැහැදිලිවම මේ චක්‍රලේඛ දෙකම අනීතිකයි. මේකෙන් අපරාධ සඟවන්න පුලුවන්. ඒ වගේම තමා මැරුණු මිනිස්සුන්ට යුක්තිය ඉටු වීම ඇහිරෙන්නත් පුලුවන්. මොකද මළ සිරුරු නිසි පරිදි හඳුනා ගෙන ඒ සම්බන්ධයෙන් විධිමත් ආකාරයට කටයුතු කරන්න තියෙන ඉඩ මේ චක්‍රලේඛ දෙක මගින්ම වළක්වා ඇති නිසා.අනික පහුගිය ආපදාව සම්බන්ධයෙන් ප්‍රමුඛතාව දිය යුතු කටයුතු බොහොමයක් අබිබවා පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීම ප්‍රමුඛත්වයට ඒමත් ගැටළු සහගතයි” විශේෂඥ වෛද්‍ය ධනංජය වෛද්‍යරත්න මහතා වැඩි දුරටත් අවධාරණය කරයි.