එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් අතර මානව සංවර්ධන දත්ත අනුව ශ්‍රී ලංකාව 78 වන ස්ථානයේ ද, විශාලත්වය අනුව 120 වන ස්ථානයේ ද සහ ජනතාවගේ ක්‍රය ශක්ති දර්ශකය අනුව 111 වන ස්ථානයේද පසුවන බැවින් ජනාධිපති අනුර දිසානායක මහතා පවසන අන්දමට අපේ රට “හුණ්ඩුවක්” ලෙස හැඳින්විය නොහැකි බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.ජනාධිපති වරයාට ජාත්‍යන්තර සමුළුවලදී රාජ්‍ය නායකයෙකු ලෙස පිළිගැනීමක් නොලැබෙන බවත්, ඊට හේතුව ඔහුගේ සනිවේදන හැකියාව, දැනුම සහ පෞරුෂය සම්බන්ධ ගැටලු බවත් වැඩිදුරටත් පවසන ගම්මන්පිල මහතා .ජනාධිපති අනුර දිසානායක මහතා විසින් රට “හුණ්ඩුවක්” ලෙස හඳුන්වා දීම ඔහුගේ පෞද්ගලික දුර්වලතාවක් මත සිදුවූවක් බව ද පවසයි.එසේම එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමා බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, ලක්ෂ්මන් කදිරගාමර්, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ වැනි හිටපු නායකයින් තම සන්නිවේදන හැකියාව, පෞරුෂය සහ ජාත්‍යන්තර සබඳතා හරහා ලෝකය තුළ කැපී පෙනුණු බව සඳහන් කරන උදය ගම්මන්පිල මහතා .ජනාධිපතිවරයා රට හුණ්ඩුවක් ලෙස හැඳින්වූයේ අවංකව විය හැකි වුවද, එය රටේ ගැටලුවක් නොව ඔහුගේම පෞරුෂය පිළිබඳ ගැටලුවක් බව ද වැඩිදුරටත් පවසයි.