අශෝක රන්වලගේ බිරිඳ පැදවූ රථය අනතුරක;අනෙක් රථයේ රියැදුරු බීමතින් සිටියාලු

හිටපු කතානායක වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවල මහතාගේ බිරිඳ වන වෛද්‍ය ඉන්ද්‍රාණි රන්වල මහත්මිය අද (17) අලුයම රිය අනතුරකට ලක්ව රෝහල් ගත කර තිබේ.පොලීසිය පවසන්නේ කළුතර උතුර, ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සංගීත කණ්ඩායමක ගිටාර් වාදකයකු ගේ මෝටර් රථයක් හා කැලණිය බියගම මාර්ගයේ මන්ත්‍රීවරයාගේ නිවස අසලදීම මෙම ගැටීම සිදුව ඇති බවකි.අත්අඩංගුවට ගත් රියදුරු සම්බන්ධයෙන් ඒ අවස්ථාවේදීම සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී ඔහු මත්පැන් පානය කර සිටි බව තහවුරු වී ඇති බව පොලීසිය පවසයි.තුවාල ලැබූ මන්ත්‍රී බිරිඳ මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බියගම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

කාලීන පුවත්