ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා එම අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බව පවසමින් ඔහුට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට අද(12) භාර දී තිබේ.සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන කාලසීමාවේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා නැගෙනහිර පළාත් ආඥාපති ලෙස කටයුතු කළ බවත් ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකරන විමර්ශනවලට අදාළව ඔහු සිය අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම කිසිසේත්ම යුක්ති සහගත හා සදාචාරාත්මක නොවන බවයි. ඒ අනුව ඔහුට විරුද්ධව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවද ඔහු පවසයි.