ඉදිරි දිනවල දී අප රටේ විදුලිය කැපීමක් සහ ඉන්ධන මිල ඉහළ දැමීමක් අනිවාර්යයෙන් සිදුවන බව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා පවසයි.එහෙත් එසේ සිදු වනුයේ යුද්ධය නිසා නොව කුමාර වරුන් ගේ සුද්දයනිසා බව ද ඔහු කියා සිටියි.එමෙන්ම ලබන 31 දා එළි දක්වන තම පොත මඟින් පාස්කු ප්‍රහාරයේ සැබෑ මහ මොළ කරුවන් කවුරුන් ද යන්න හෙළි කරන බවත් එම කටයුත්ත කඩා කප්පල් කිරීම පිණිස ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ඉඟි කළ පරිදි තමන් අත් අඩංගුවට ගැනීමේ ආණ්ඩුවේ උත්සාහය ව්‍යවර්ථ වූ බව ද ඒ මහතා පවසයි.ඔහු මේ බව සඳහන් කළේ ඊයේ ( 27) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.