ඉම්රාන් ඛාන් දැඩි මානසික ආතතියක

මේ වන විට බන්ධ­නා­ගා­ර­ගත වී සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන්ගේ කායික සෞඛ්‍යය තත්ත්ව­ය යහ­පත් වුව ද දීර්ඝ කාල­යක් හුදෙ­ක­ලා­වීම හේතු­වෙන් ඔහු දැඩි මාන­සික ආත­ති­ය­කින් පෙළෙන බව ඔහුගේ සොහො­යු­රිය වන උස්මා කානුම් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හිටපු අග­මැ­ති­ව­රයා මුණගැසී­මට වෛද්‍ය­ව­රි­යක ද වන ඇයට යට රාව­ල්පිණ්ඩි නුවර බන්ධ­නා­ගා­රයේ බල­ධා­රීන් විසින් පෙරේදා මිනිත්තු 20ක කාල­සී­මා­වක් සඳහා අව­සර දුන් බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. ඉම්රාන්ගේ සහ සොහො­යු­රි­යගේ හමුව බන්ධ­නා­ගාර බල­ධා­රීන් විසින් ඉතා සමී­පව නිරී­ක්ෂ­ණය කර ඇතැයි ද, ඇයට ජංගම දුර­ක­තන රැගෙන යෑමට අව­සර ලැබි නැති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.එමෙන්ම වසර දෙක­කට අධික කාල­යක් හුදෙ­කලා වීමෙන් ඔහු දැඩි කෝප­යෙන් යුතුව පසු­වන බවත් ඇය සඳ­හන් කර තිබේ. ඉම්රාන් ඛාන් ජිවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි පසු­ගිය සතියේ අන්ත­ර්ජා­ලයේ පුවත් පැතිරී ගිය අතර, සිය පියා පිළි­බඳ සති තුන­කින් කිසිදු තොර­තු­රක් වාර්තා නොවූ බවට ලන්ඩ­නයේ සිටින ඔහුගේ පුතුන් දෙදෙනා මාධ්‍ය­යට ප්‍රකාශ කර තිබිණි. සිය පියා හමු­වී­මට පවුලේ සාමා­ජි­ක­යන්ට අව­සර නොදීම නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළි­බඳ දැඩි භීති­ය­කින් පසු­වන බව ඔහුගේ බාල පුත්‍රයා වන කාසිම් ඛාන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

කාලීන පුවත්