ඉරානයට එල්ල කළ ප්‍රහාරය ගැන ඇමරිකාවට විරෝධයක්

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය මේ වන විටත් විදෙස් රටවල් කිහිපයක් හෙළා දැක තිබේ.ප්‍රහාරය හෙළා දකිමින් ඇතැම් රාජ්‍ය නායකයින් අනතුරු ඇඟවීමක් මෙන්ම තවත් නායකයින් සාමය ආයාචනා කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.කියුබාව, චිලී රාජ්‍යය, වෙනිසියුලාව, කොලොම්බියාව, මෙක්සිකෝව ඇතුළු රටවල් කිහිපයක් විසින් අමෙරිකාව සිදුකළ මෙම ප්‍රහාරය දැනටමත් හෙළා දැක තිබේ.එම රටවල් පෙන්වා දී ඇත්තේ මැදපෙරදිග ගැටුම භයානක ලෙස උත්සන්න කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා උත්සාහ ගෙන ඇති බවත් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපද බෝම්බ හෙළීමට විරෝධය පළ කරන බවත්ය.අමෙරිකාව මෙම ප්‍රහාර මඟින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කර ඇතැයිද එය ආපසු හැරවිය නොහැකි ප්‍රතිවිපාක සහිත අර්බුදයකට මනුෂ්‍යත්වය ඇද දමන බවද එම රටවල් චෝදනා කර තිබේ

කාලීන පුවත්