වර්තමානයේ ක්රියාත්මක උතුරු නැගෙනහිර ආරක්ෂක වැඩපිළිවෙළේ අඩුපාඩු ගණනාවක් ඇතැයි හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.විශේෂිත ස්ථානවල තිබූ ආරක්ෂිත කඳවුරු වැසීම, යාපනය පලාලි අධි ආරක්ෂිත කඳවුර හරහා පාරවල් විවෘත කිරීම නිල ඇඳුම හැඳ සිටි අයකු ලෙස තමන්ට අනුමත කළ නොහැකි බව ද ඔහු සඳහන් කරයි.කැනඩාව වැනි රටවල සිටින ඩයස්පෝරාවට මරාගෙන මැරෙන ත්රස්තවාදීන් දහ දෙනෙකු යාපනයේ බිහි කිරීමට හැකියාවක් නැතැයි සිතිය යුතු නැති බවත් ඒ මහතා අවධාරණය කරයි.එම ත්රස්තවාදීන් සහරාන්ලා මෙන් නැවත ප්රහාරයක් දියත් කළහොත් නැවත සිය ගණනක් කඳවුරු සිය ගණනක් ඇති කිරීමට සිදුවිය හැකි බවත් එවැනි තත්ත්වයක් ඇති නොවීමට දැන්ම වග බලාගත යුතු බවත් ෆීල්ඩ් මාර්ෂල් වරයා පෙන්වා දෙයි.ඔහු මේ බව පවසා සිටියේ දෙරණ රූපවාහිනියේ බිග් ෆෝකස් වැඩසටහනට එක් වෙමිනි.