කාටවත්ම අත හරින්න බැරි අරුණ විජේසේන ගේ අත හැරීම

vinivida

නූතන සමාජයේ පවතින කුටුම්භ හෙවත් පවුල් අර්බුද පිළිබඳව විවිධ පාර්ශවයන්ට අයත් බොහෝ දෙනා විවිධ කෝණ වලින් කතා කරති.ඒ අතරට සාහිත්‍ය කරුවන් ද අයත් නොවන්නේ නොවේ.ඒ අතරේ අද අප ඔබ හමුවට පමුණුවන අරුණ විජේසේන කවියා ‘සංකාරා’නම් වන සිය කෙටි කවි පොතට එක් කොට ඇති “අත හැරීම” නම් පද්‍ය රචනය තුළින් වත්මන් පෞරුෂ පවුල් ප්‍රජා සහ සමාජ අර්බුද රැසකට මංපාදන මූලයක් පිළිබඳව සියුම් එහෙත් ප්‍රබල ඉඟියක් ගෙන හැර දක්වා තිබේ.ඒ අනුව වචන දහස් ගණනකින් පැවසිය යුතු කිසිවකුටත් අත නොහැරිය හැකි නිහඬ සමාජ ඛේදවාචකයක් එලෙස කෙටි කවි වදනකට ගොනු කිරීමේ ගෞරවය අපි ඔහු වෙත පුද කරමු. උස්සාපිටිය රිවිසඳ ජාතික පාසලේ හා කෑගල්ල ශාන්ත මරියා විදුහලේ අධ්‍යාපනය ලැබූ අරුණ විජේසේන පාසල් අධ්‍යාපනය ලබන අවධියේ සිට සාහිත්‍ය කලාවට ඇල්මක් දැක්වූවෙකි.
ඔහු තම ප්‍රථම කවි පොත වන ‘නොනිමි මතකය’ ප්‍රකාශයට පත් කළේ 2000 වර්ෂයේ දී ය. ඉන් අනතුරුව ඔහු මුද්‍රිත ග්‍රන්ථ පහක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ‘සංකාරා’ කෙටි කවි පොත ඔහුගේ පළමු කෙටි කවි සංග්‍රහයයි.
කවි, කෙටිකතා හා නවකතා වැනි සාහිත්‍ය අංශයන්හි නිරත වන අරුණ වෘත්තියෙන් පරිපාලන ග්‍රාම නිලධාරී වරයකු ලෙස රාජ්‍ය සේවයේ නිරත වේ”අරුණෝදය” උස්සාපිටිය ඔහු ගේ ලිපිනයයි.

අතහැරීම

සුසුම්ලන
සිගරැට් දුම
නිල්පාට රූප නරඹා
තනි කාමරයේ . . .
සුදෝ සුදු වතින්
ඇය
උවැසිය වී
බෝධිය මුල
භාවනාවේ…..!

අරුණ විජේසේන

wall එක