කිතු මඟට එකඟව කිතු උපත සමරන නත්තල උදාවෙයි

ඉකුත් කාලයට සාපේක්ෂව කිතු සමිඳාණන් විසින් පෙන්වා දී ඇති ආධ්‍යාත්මික හරයන් වරයන් වඩාත් ඉස්මතු කරමින් තවත් අසිරිමත් නත්තලක් උදාවී තිබේ.මෙවර නත්තල් ප්‍රධාන දේවමෙහෙය මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උස්වැටකෙයියාව සාන්ත මරියා දේවස්ථානයේ දී ඊයේ (24 ) මධ්‍යම රාත්‍රියේ දී පැවැත්විණි. ඊට සමගාමීව සෙසු සියලු දේවස්ථානවල ද දේව මෙහෙයන් පැවැති අතර අද (25 ) පෙරවරුවේ ද නත්තල් දේව මෙහෙයයන් පැවැත්වේ. ඉකුත් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත් ජනතාවගෙන් වැඩි පිරිසකට අද වනවිටත් උන්හිටි තැන් අහිමිව තිබීම හේතුවෙන් නත්තල් උත්සව, සාද ආදිය නතර කරන ලෙසට කතෝලික සභාව කිතුනු ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් ද කර තිබේ.ඒ අනුව කොළඹ ඇක්වයිනාස් ආයතනය ඇතුළු ස්ථාන රැසක සංවිධානය කර තිබූ නත්තල් උත්සව නතර කර ඇත. එම උත්සව සඳහා වැය කරන මුදල් විපතට පත්වූවන් වෙනුවෙන් යොදවන ලෙස කතෝලික සභාව කිතුනු බැතිමතුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.එමෙන්ම මෙවර ධරණීය නත්තලක් සැමරීම කෙරෙහි අන් වසර වලට වඩා ලෝක අවධානය යොමුව තිබීම ද විශේෂත්වයකි.

කාලීන පුවත්