කිරි පිටි මිල හෙට සිට පහළට

කිරි පිටි මිල හෙට සිට පහළට ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල ගණන් පහත වැටීම හේතුවෙන් කිරිපිටි ආනයනකරුවන් විසින් ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට ගෙන ඇති තීරණයකට අනුව හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 125 කින් ද, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50 කින් ද පහත වැටෙනු ඇත.මෙම මිල සංශෝධනය පිළිබඳව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් තහවුරු කර ඇත.ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල ගණන් පහත වැටීමේ වාසිය ජනතාවට ලබා දීමේ අරමුණින් මෙම මිල අඩු කිරීමට තීරණය කර ඇති බව ආනයනකරුවෝ පවසති.

කාලීන පුවත්